ලක්ෂ දාහතකට අධික වටිනාකමකින් යුත් රන්භාණ්ඩ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සරත් ලූගොඩ මහතාගේ කොහුවල පිහිටි නිවසින් සොරා ගත් 19 හැවිරිදි සැකකරුවකු ආනමඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසිණි.
ඉකුත් වසරේ අගෝස්තු 22 වන දින නිවසේ කිසිවෙකු නොමැති අවස්තාවක සැකකරු නිවසට ඇතුල්වී මෙම රන් භාණ්ඩ සොරාගෙන ඇති අතර සොරාගන්නා ලද රන් භාණ්ඩ විවිධ ස්ථාන වලට අලවි කර තිබු බවත් සියලුම රන්භාණ්ඩ උණු කර ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු වන අතර ඔහු පොලිසියට අවශ්‍යව තිබු බව පොලිසිය සදහන් කර ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














































