රන් සොරකමක් සම්බන්දව පානදුර අපරාධ අංශයේ ස්ථානාධිපති හා එහි පොලිස් කොස්තාපල් වරයෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරුවන් දෙදෙනා චුදිතයකු විසින් සොරාගෙන ඇති රන්භාන්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඉන් රන් පවුම් හතක ප්‍රමාණයක් ඉදිරිපත් නොකොට සැකකාර පොලිස් නිලධාරීන් සන්තකයේ තබා ගත් බවට ඔහුන් දෙදෙනාහට චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර කොට්ඨාශ අපරාධ අංශය විසින් බව සදහන් වේ.














































