කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට පනවා තිබු විදේශ ගමන් තහනම දීර්ඝ කරන ලෙස නියම කර ඇති බව සදහන් වේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විසින් මෙම විදේශ ගමන් තහනම දීර්ඝ කරනු ලැබුවේ හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට විරුද්ධව කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනොකර ඇති පැමිණිල්ලට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ බව වාර්තා වේ.
මෙම විදේශ ගමන් තහනම අප්‍රේල් 6 වනදා දක්වා බලාත්මක බවයි පැවසෙන්නේ.
වාර්තාවන ආකාරයට කබ්රාල් මහතා මහබැංකු අධිපතිව සිටි කාලයේ මුදල් අවභාවිතා කල බවයි පැමිණිලි කරුවිසින් චෝදනාකරනුයේ














































