මෝටර් රථ හිමිකරුවන් හා රියදුරන් තම රථය සම්බන්ධයෙන් ඉතා විමසිලිමත්ව සිටින ලෙස පොලිසිය විසින් උපදෙස් දී ඇති බව වාර්තා වේ. ඒ රට තුල මෝටර් රථ සොරා ගැනීම ඉහල යන බවයි වාර්තා වන්නේ.
පොලිසිය සදහන් කර ඇත්තේ වැලිවීරිය ප්‍රදේශයේදී ද ලක්ෂ 32 ක් පමණ වටිනා මෝටර් රථයක් සොරා ගෙන ඇති බවට පොල්සියට පැමිණිල්ලක් ලබී ඇති බවයි.
පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන හමුවේ එම රථය සොයා ගෙන ඇති අතර සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ.
එම සැකකරු මෙම රථය රුපියල් ලක්ෂ 14 ක මුදලකට මිලදී ගෙන ඇති බව සදහන් කොට ඇති අතර වාහනය සොරාගත් සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇති බව වාර්තා වේ.














































