විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ රදවනයක් සහ මිලිමිටර් 09 වර්ගයේ උණ්ඩ 09ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව වාර්තා වේ.
ඒ කළුතර දකුණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බවයි සදහන් වන්නේ.
සැකකරු කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක් වන පුද්ගලයකු වන අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ලග තිබී මදන මෝදක ගුලි 187ක් ද සොයාගෙන ඇති බව වාර්තාවේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හා කළුතර දකුණ පොලිසිය වැඩි දුර විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
(චායා රුප අන්තර්ජාලයෙන්.)














































