ඊයේ (21) දින තණමල්විල පොලිස් වසමට අයත් නිකවැව – දෙමෝදර වැව රක්ෂිතයේ ගංජා හේනක් පවත්වාගෙන ගිය තණමල්විල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙන ගංජා වගාව අක්කරයක පමණ ප්‍රදේශයක පවත්වාගෙන ගොස් ඇති අතර එහි ගංජා ගස් 20,000ක් පමණ තිබූ බව කියයි.
සැකකරු අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ .















































