යාපනය ඩෙල්ෆ් දුපතට ආසන්නයේ වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවකින් කේරළ ගංජා කිලෝ 44.202 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
උතුරු නාවික විධානයේ රණවික්‍රම නෞකාව එම මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යේදී සිටියදී මුහුදේ පාවෙමින් ඇති දෙයක් පිළිබදව සැකපහල වී පරික්ෂා කිරීමේදී එහි පාර්සල් 14 ක අසුරනලද කේරළ ගංජා තොගය සොයා ගත් බවයි පැවසෙන්නේ.
නාවික හමුදාව සැක කරනුයේ ජාවාරම්කරුවන් නාවික හමුදා යාත්‍රාව දැක ගංජා තොගය අතහැර පලා යන්නට ඇතිබවයි.
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 14 ට අධික බව හා ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා මෙම කේරළ ගංජා තොගය නාවික හමුදා භාරයේ ඇති බවයි සදහන් වන්නේ.














































