ජාතික ජනබලවේගය අද (26) පැවති විරෝධතා පාගමන හවස 03.15 ට පමණ නගර සභාව පසුකර යාමට උත්සාහ කිරීමත් සමගම ජල හා කදුළු ප්‍රහාරයක් එල්ල කළා. ඒහිදී 15 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
“මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය කොළඹට” යන මැයෙන් ජාතික ජනබලවේගය අද පස්වරුවේ විරෝධතා පාගමනක් සූදානම් කර තිබු අතර අධිකරණ නියෝගයක් මගින් තහනම් කිහිපයක් ද පනවා තිබුනා.













































