වැල්ලව පොලිස් බල ප්‍රදේශයට අයත් තිස්සව ප්‍රදේශය හරහා ගලා බසින දැදුරු ඔයේ වැලි තොගයක් නීති විරෝධි ලෙස ගොඩ දමා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කුරුණෑගල පොලිස් විමර්ශන කොට්ඨාසයට අයත් විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම වැලි තොගය සිය භාරයට ගත් බවට වාර්තා වේ
ප්‍රදේශයේ විහාරස්ථානයේ ධර්ම ශාලාව ඉදි කිරිම සදහා බව සදහන් කරමින් පෞද්ගලික ඉඩමක් හරහා කියුබ් 35කට ආසන්න වැලි තොගයක් ගොඩ දමා තිබෙන අතර මෙම වැලි තොගය ලොරි කිහිපයක පටවා වැල්ලව පොලිසියට ගෙන එමින් සිටියදී එම ලොරිවල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු හෝ කිහිපදෙනෙකු එක්ව හොර රහසේ වැලි විකුණා ඇති බවට වාර්තා වේ.
ඒ අනුව සිදු කරන ලද පොලිස් විමර්ශනවලට අනුව වැල්ලව රංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වැලි තොගය රුපියල් පහලොස් දහසක මුදලකට විකුණු බවද ඒ අනුව වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කුරුණෑගල පොලිස් අධිකාරිවරයාට නියෝග කර ඇත්තේ,සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කර ඊට සම්භන්ධ පොලිස් නිලධාරින් ඇතුලු සියලු පාර්ශවයන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි.