English
සිංහල
10:57 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සිංහරාජයේ නැවතත් ඉඩම් මංකොල්ලයක්

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිංහරාජ වැසි වනාන්තරයේ නැගෙනහිර බෑවුමට වන්නට, කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොඨිඨාසයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්, එම කොමිෂන් සභාව විසින්ම (LRC) මංකොල්ලකමින් පවතින බව විකල්ප නමැති වෙබ් අඩවියක් වාර්තා කර තිබෙනවා. එම වෙබ් අඩවිය උපුටා ගනිමින්, අපද මේ ගැන යම් සොයාබැලීමක් සිදු කල අතර අපගේ ගවේෂකයෝ ද මේ වන විට ඒ පිලිබදව සොයා බලමින් සිටින අතර, ජාතික මෙන්ම ලෝවැසි ජනතාවගේ උරුමයන් මේ අයුරින් නීත්‍යානුකූල ලෙස විනාස කිරීම මහා අපරාදයක් වන අතර, මීට පෙරද සිංහරාජය පිලිබදව දියණියක් (භාග්‍යා අබේරත්න) හඩක් නැගූ අතර, ඒ හඩ වසා දමමින් කනගාටුදායක ලෙස එම කටයුත්ත සිදු කිරීමට ඉඩ හැරීමේ වැරදි පූර්වාදර්ශයක් සිදු වීම නිසා මෙවැනි කණගාටුදායක සිදුවීම් දිගින් දිගටම වාර්තා වේ. මෙහි සත්‍ය අසත්‍ය සොයා බලා විනාශය වැලැක්වීම බලදාරීන්ගේ රාජකාරිය වේ. සියලු විනාශයන් වලින් රටේ හෙට දවසට සිදු වන හානිය, මානව සංහතියට මෙන්ම ජීවී පද්ධතියට සිදු වන හානිය දෙස අවදානය යොමු කල යුතුය.

    උපුටා ගැනීම,

    “ යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහාරජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොලොන්න ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසය තුල පිහිටා ඇති බොහෝ ඉඩම් ප්‍රමාණයක් අයිති වන්නේ ඉඩම් අමාත්‍යංශයට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) යටතටයි. මෙම ඉඩම් අතුරින් බොහෝ ඒවා වනාන්තර හෝ ජල පෝෂක ඉඩම් ලෙස පවතින ඉඩම් කැබලි වන අතර එම ඉඩම් කැබලි සිංහාරය වනාන්තරයට පවරා ගැනීමට කටයුතු සිදුවෙමින් පවතී. එලෙස පවතින ඉඩම් කැබලි වර්තමානය වන විටදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) විසින්ම මංකොල්ල කමින් පවතී.

    මීට වසර 50 කට ආසන්න කාලයකට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් (LRC), පිහිටුවන ලද්දේ එවකට පවුල් 6000කට අයිතිව තිබු, ඉඩම් අක්කර ලක්ෂ 15කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් පවරාගෙන රජය යටතට පත්කිරීම සඳහාය.එවකට එසේ පිහිට වූ එම ආයතනය වර්තමානය වන විට අමාත්‍යවරුන් හට,දූෂිත නිලධාරීන් හට මුදල් උපයා ගැනීම සඳහා ක්‍රියාත්මක වන කොමිෂන් සභාවක් බවට පත්ව ඇත.

    LRC විසින් ඉඩම් පවරාගත් පාර්ශ්වයන්ට හිලව් ඉඩම් ලබාදීම පවා සම්පුර්ණ කරනොමැති පසුබිමක, ඉඩම් නොමැති දුප්පත් මිනිසුන්ගේ ඉඩම් අවශ්‍යතාව සඳහා ඉඩම් වෙන්කර නොමැති පසුබිමක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට හිතෙන හිතෙන ආකාරයට දේශපාලන, ව්‍යපාරික, පෞද්ගලික ආදී විවිධ පාර්ෂවයන් හට ලාභ හෝ දේශපාලන අවශ්‍යතා මත අක්‍රමවත් අයුරින් ඉඩම් බැහැරකිරීම මහා අපරාධයකි.

    යම් යම් පාර්ශව විසින් මෙසේ ලබාගන්නා ඉඩම් වනසා මුදල් උපයා ගැනීමත්, එසේ නොමැතිනම් වෙනත් පාර්ෂව වලට අධික ලාබහයකට නැවත බදුදීමත් මෙන්ම මෙවැනි ඉඩම්වල පස්කැපීම, කළුගල් කැඩීම මෙන්ම වෙනත් ඛනිජ කැනීම්ද, LRC න් ලබාදිය යුතු ඉඩම් වෙනුවට ජනතා වතුසංවර්ධන මණ්ඩලය (JEDB) වටිනා ඉඩම් ලබාදීමට/විකිණීමට උත්සාහ කිරීම, යම් යම් ප්‍රදේශවල LRC ඉඩම් එහි නිලධාරීන් විසින් කූඨ ලෙස විකිණීම ඇතුළු වංචා දුෂණ අක්‍රමිකතා මෙම ආයතනයෙන් විශාල ලෙස වාර්තාවේ. මේවාට වගකිවයුතු වන්නේ ඉඩම් අමාත්‍යතුමා ඇතුළු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ දූෂිත නිලධාරීන්වේ.

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව LRC, ජනාධිපති කාර්යාලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ආයතන විශාල ප්‍රමාණයකට අප විසින් මෙම ඉඩම් අවභාවිතාවන් සහ කොල්ලයන් සම්බන්ධව පැමිණිලි මේ වන විටත් ඉදිරිපත් කර අති අතර ඒ අනුව පළමු ඉඩම් කොල්ලය වනුයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උල්ලිදුවාව ග්‍රාමසේවා වසමේ ඇඹිලිපිටිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා කාර්යාලයට අයත් ප්‍රදේශයේ (අධ්‍යක්ෂ රංජන් වීරසිංහ සහ ක්ෂෙත්‍ර නිලධාරී සමන්ත) යන අය විසින් අයුතු ලෙස ඉඩම් අල්ලාගැනීමට යම් යම් පාර්ශ්වයන්ට අවසර ලබාදීමයි. ගම්මුන් අප වෙත ලබාදුන් ප්‍රකාශ අනුව මෙලෙස ඉඩම් ලබාදීමේදී සන්තෝෂම් ලෙස දශ ලක්ෂ ගණනක් (ඔවුන්ට අනුව ලක්ෂ 60 ත් – 70ත් අතර මුදලක් මුදලක්) ලබාගෙන ඇති බව පවසයි.

    සිංහරාජ රක්ෂිතයට පෙනෙන මායිම පිහිටි මෙම ප්‍රදේශය ගින් ගඟෙහි පෝෂක කලාපයක් වන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාදී වනාන්තර ලෙස පවත්වාගෙන යාම විනා වෙනත් කටයුත්තක් සිදුකළ හැකි භූමියක් නොවන්නේ මෙම බෑවුම නාය යාමේ අධි අවධානම් කලාපයක් ලෙස නම් කර අවදානම් නිවේදන පවා නිකුත් කර ඇති නිසාය.

    එසේම, අප විසින් කළ සොයාබැලීමේදී ඇඹිලිපිටිය ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලයෙන් දැනගැනීමට ලැබුනේ ප්‍රධාන කාර්යාලයෙන් එවන ලද ලැයිස්තුවකට අනුව ඉඩම් ලබාදෙන්නේට කටයුතු කළ බවත්, එය මේ වන විට අක්කර 100 ක පමණ ප්‍රමාණයක් බවත්, තමන් මේ සම්බන්ධව තීරණ නොගත් බවත්ය. කෙසේ නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වනවිටත් එක් එක් අය විසින් තමාගේ යයි සලකුණු කර ඇති ප්‍රදේශය අක්කර සිය ගණනක් බවයි. එසේනම්, මෙසේ ඉඩම් අවභාවිතාකර කොල්ලකෑමට හැරීමෙන් මුදල් ගරන්නෝ කවරහුද? ඉඩම් ලබාදීමට අනුගමනය කළ ක්‍රමවේද මොනවාද? ලැයිස්තු සැකසුවේ කවුරුන්ද? එසේම ඇඹිලිපිටිය නගරයේ ව්‍යාපාරිකයින්ට ඉඩම් ලබාදුන්නේ කෙසේද? යන්න විශාල ගැටළුවකි.

    LRC සතුව සිංහරාජය වටා සහ අවශේෂ කලාප වන මෙම ප්‍රදේශයේ වනාන්තර සහ අධි සංවේදී ඉඩම් විශාල ප්‍රමාණයක් ඇත. මෙම ඉඩම් ආශ්‍රිතව පසුගිය දිනක “ඉත්තෑකන්දේ” හිමිද LRC ඉඩමක් අලාගන්නනට කරක් ගසන ලද අතර එය ඉතා හොඳින් වැඩුණු ඝන වනාන්තර කොටසකින්ද යුතු ඉඩමක් වූ අතර ගම්මුන්ගේ විරෝධය හමුවේ LRC ය හැරීගිය නමුත් එක් එක් අයගේ අවශ්‍යතාවන්ට LRC ඉඩම් වැනසීම සහ LRC වනාන්තර ඉඩම් වැනසීම දිගින් දිගටම සිදුවෙමින් පවතී.


    සිංහාරජ රක්ෂිත වනාන්තරයට පවාරා ගැනීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) සතු වනාන්තර ප්‍රදේශ එම කොමිශන් සභාවේ නිලධාරීන් විසින්ම අවිධිමත් ලෙස භාහිර පිරිස් වෙත ලබා දීම සහ අනවරෙන් ඉඩම් අල්ලා ගන්නා පුද්ගලයන් හට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම බරපතල ගැටළුවක් වේ. සිංහාරජ රක්ෂිත වනාන්තරයේ පේරණ කලාප භූමිය මෙලෙස වීනාශ කිරීම ලෝක උරුම වනාන්තරයකට කිසිසේත් උචිත ක්‍රියාවක් නොවන අතර අදාල නිලධාරීන් මේ පිලීබඳව සොයා බලා මෙම විනාශ සිදූවෙමින් පවතින ප්‍රදේශය සංරක්ෂණය කිරීම සඳහා කඩිනම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී”.

    ලෙස වාර්තා කර ඇත.

    කෙසේ වුවත් වනාන්තර විනාශ කිරීමේ ආදීනව, මෙන්ම සොබාදහමට පිටුපා යාමෙන් මිනිසා මෙන්ම සමස්ත ජීවීන්ගේම විනාශය සිදු වන බව අප රටේ උසස් රාජ්‍ය නිලදාරීන් කිසිදා තේරුම් ගන්න බවක් නම් පෙනෙන්නට නැත. කුමන රජයක් බලයට පැමිණියද, ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ වලින් ජීවත් වෙන මෙරට බහුතර රාජ්‍ය නිලදාරීන් අනාගත පරපුර ගැන හෝ මෙරට මිනිසුන්ගේ ජීවිත සමග වැරදි අයුරින් සෙල්ලම් කිරීම ගැන අපට ඇත්තේ දැඩි කනගාටුවකි.

    මීට පෙර සිදු වූ සිදු වීමේදී අතිගරු ජනාධිපතිතුමාට සියලු සත්‍ය පෙන්වා දෙමින්, ජනතාවගේ මතු අනාගත ආරක්ෂාව වෙනුවෙන් කල යුතුව තිබු දෙය වන, එම ඉඩම් වහාම රජයට පවරා ගැනීම සිදු වූවානම් සිංහරාජය අවටින් තවත් මෙවැනි කනගාටුදායක සිදු වීම් සිදු නොවනු ඇත. එසේම මේ සියල්ලම වෙනුවෙන් අදාළ බලදාරීන් නිසි ලෙස සිදු කල යුතුව තිබු දේ  සිදු කෙළේ නම් මෙවැනි දේ සිදු නොවනු ඇත. එසේම සිරස මාධ්‍ය ආයතනය ද, එම අවස්ථාවේ නිසි ලෙසම කල යුතු දෙය සිදු කලෙහි නම් සහ සියලු පාර්ශ්වයන් දේශයේ අනාගතය දෙස අවධානය යොමු කල අනාගතය දෙස බලා  ජනාධිපතිතුමන් වෙත නිසි නිර්දේශය ඉදිරිපත් කලේ නම් එතැන් සිටම සිංහරාජය සුරක්ෂා වීමට ඉඩ තිබුණි.

    මෙම තොරතුරු සපයා ඇති අදාළ වෙබ් අඩවියට රාවණා අපගේ ස්තුතිය පුද දෙන අතර, ඔවුන්ගේ අවසරයකින් තොරව , ඔවුන්ගේ තොරතුරු ඒ ආකාරයෙන්ම අප පල කරනු ලබන්නේ , ජාතික සම්පත් සුරැකීම වස් අපගේද සහාය රජයට ලබා දෙමින් මේවායින් රජයට සිදු වන අපකීර්තිය වලක්වා ගැනීමටත්, සත්‍ය  සොයා මේ මහා විනාශය හෝ නවත්වා ගැනීමට පුරවැසියන් ලෙස අපටද, භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය තිබෙන අපගේ ජීවිතය සුරක්ෂා කර ගැනීම සදහා අපටද අයිතියක් ඇති බැවිනි. එසේම රජය යනු මේ රටේ පක්ෂ විපක්ෂ දේශපාලන කරන නොකරන සියලු දෙනාම රජයේ අයිතිකරුවන් බව අප රටේ නූගත් මිනිසුන්ට නොතේරෙන තාක් කල් විනාශයන් වලක්වා ගත හැකි නොවනු ඇත. (ජයාරූප අදාළ වෙබ් අඩවියෙනි)

    අදාළ වෙබ් අඩවිය පිලිබදව තොරතුරු පහත සදහන් වේ.

    සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්
    https://twitter.com/hashtag/srilanka?src=hashtag_click

    සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්['….මෙම ඉඩම් අතුරින් බොහෝ ඒවා වනාන්තර හෝ ජල පෝෂක ඉඩම්] https://t.co/exlTtSghfO #srilanka #lka #Sinharaja pic.twitter.com/bTvj4C3JJX

    — Vikalpa (@vikalpavoices) September 10, 2021

    Tags: පාරිසරික
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පාරිසරික

    කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    පොරවගල කන්දේ ගින්න නිවා දමයි.

    මාර්තු 12, 2024
    පාරිසරික

    පොරවගල කන්දේ ගින්නක් .

    මාර්තු 12, 2024
    පාරිසරික

    උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

    මාර්තු 11, 2024
    පාරිසරික

    කැළෑ ගිනි තැබීම් ඉහළට .

    මාර්තු 11, 2024
    පාරිසරික

    කොත්මලේ ගින්නක් .

    මාර්තු 9, 2024
    පාරිසරික

    වායු දූෂණය ඉහළ යයි.

    මාර්තු 6, 2024
    පාරිසරික

    මධ්‍යම කඳුකර ජලාශවල ජලය සීග්‍රයෙන් අඩු වෙයි!

    පෙබරවාරි 28, 2024
    පාරිසරික

    ක්ලෙයාර් දිය ඇල්ල මලානික වෙයි!

    පෙබරවාරි 25, 2024
    පාරිසරික

    වසර මිලියන 240 කට පෙර සිටි මකරෙක් සොයා ගනී

    පෙබරවාරි 24, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version