සමගි ජන බලවේග ආර්ථික කවුන්සිලය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල HANG OUT හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වින.
ඊයේ (27) දින කුරුණෑගල පැවති මෙම අවස්ථාවට කුරුණෑගල වෙළඳ ප්‍රජාව, සමාජ ක්‍රියාකාරීන්, ව්‍යවසායකයන් ඇතුලු විශාල පිරිසක් මීට සහභාගී වූ අතර ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයින් මේ සදහා සහභාගී විය.
සමගි ජනබලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා, ආචාර්ය රොහාන් පල්ලෙවත්ත යන විද්වතුන්ගේ සහභාගීත්වයෙන්, පවතින බංකොලොත්භාවයෙන් රට මුදවාගෙන රට ආර්ථික වශයෙන් ඉදිරියට යා හැකි උපාය මාර්ග පිළිබඳ වැදගත් සහ ප්‍රායෝගික යොජනා රැසක් ඉදිරිපත් කළා.














































