ඊයේ (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ජනමාධ්‍ය වෘත්තියේ නිරත ජනමාධ්‍යවේදීන් හා අමාත්‍යාංශ මාධ්‍ය නිලධාරීන් ඇතුලු මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන පිරිස වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කැමරා තාක්ෂණ වැඩමුළුවක් පැවැත් වූ බව වාර්තා වේ .
මෙම වැඩමුළුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ මෙට්‍රපොලිටන් ආයතනය එක්ව සංවිධානය කළ වැඩමුළුවක් බව සදහන් කරයි .
මෙම වැඩසටහනට මෙට්‍රපොලිටන් ආයතනය නියෝජනය කරමින් මෙට්‍රපොලිටන් සමූහයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා ඇතුලු පිරිසක් ද සහභාගී වූ බව වාර්තා වේ .