ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි පුජකවරයකුගේ මුදල් පසුම්බියක් බිම වැටි තිබී අහුලාගෙන නැවත එහි හිමිකරු සොයා ඔහු අතට ලැබෙන්නට සැලැස්වූ කුලී ත්‍රීරෝද රථ පදවන්නෙක් පිලිබදව වාර්තා වේ.
රියදුරා විසින් මුදල් පසුම්බිය හැටන් පොලිස් ස්ථානයට භාර දී භාරකරුහට ලබාදෙන ලෙස පවසා ඇතිබවයි සදහන් වන්නේ.
මුරුගන් අජිත් කුමාර් නැමති 23 හැවිරිදි පුජකවරයාට අයත් මුදල් පසුම්බිය හැටන් ආරියගම ප්‍රදේශයේ පදිංචි රුක්ෂාන් සෙනවිරත්න නම් 46 හැවිරිදි තිදරු පියා විසින් අහුලාගෙන අයිති කරු හට නැවත ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.
මුදල් පස්ම්බිය තුල මුදලින් රුපියල් 12000 ක් පමණ හා බැංකු කාඩ් හා තවත් ලිපිලේකන හා දුරකථන අංකය තිබු බවයි සදහන් වන්නේ.














































