හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කරන ලෙසත් එසේ ගමන් නොකරන බස් රථ වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු කළ ප්‍රකාශය මෙසේයි.
“බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට තියෙන හයිලෙවල් මාර්ගයෙන් බස් රථ නැවැත්වීම, මඟීන් බැස්සවීම, මඟීන් පැටවීම යන ආදිය කිරීම නිසා මාර්ග අනතුරු හා මගීන්ගේ ජීවිත පිළිබඳව අවදානමක් මතුවෙලා තියෙනවා. අපි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා.. කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ මඟීන් පැටවීම හෝ මගීන්ට බැස යාම සඳහා බස් නැවැත්වීම සපුරා තහනම් වෙන අතර මේ මාර්ගයේ ගමන් කරන මඟීන් ප්‍රවානය කරන සියලුම බස් රථ මාර්තු මස 1 වනදා සිට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළට පැමිණ ඒ හරහා කටයුතු කරන්න නියම කරනු ලබනවා. මේ නියමය ඒ සියලුම බස් රථවලට අදාළයි. එසේ නැතිව පැමිණිලි ලැබිලා තිබුණොත් පරීක්ෂණයකින් පසුව ගමන් බලපත්‍රය අහෝසි කරන්න සිදු වෙනවා.”