පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
සිසුවිය නමින් විනෝදි ද සිල්වා වන අතර කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් ඇය කලක සිට ආතතියට ප්‍රතිකාර ලබා ගත් අයෙකු බවත් කියයි.
ජීවිතක්ෂයට පත් සරසවි සිසුවිය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය තුළ යම් කිසි රෝගී තත්ත්වයකින් පෙළෙන බව දුටු අනෙක් සිසුවියන් විසින් ඇයව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කියයි. මැය රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.