ග්‍රීසියේ නගරාන්තර සීග්‍රගාමී මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර 85 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
මෙම ගැටීමෙන් මගී දුම්රියේ ඉදිරිපස මැදිරි හතරක් පීලි පැන ඇති අතර ඉන් පළමු මැදිරි දෙක ගිනි ගෙන විනාශ වී ඇති බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.
වාර්තා වන ආකාරයට දුම්රියේ සිටි මගීන් 250 ක් පමණ මුදා ගත් බවත් ඔවුන් බස් රථ වලින් පිටත් කර හැරිය බවත් කියයි.එමෙන්ම අනතුරට පත් මගීන් පවසා ඇත්තේ එම සිදුවීම භූමි කම්පාවක් ලෙසින් දැණුනු බවයි.