පාරිභෝගික අධිකාරිය මුද්‍රා තැබූ ජා ඇළ ප්‍රදේශයේ බිත්තර ගබඩාව යලි විවෘත කර එහි හිමිකරුට ලබා දෙන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවට වාර්තා වේ.
පාරිභෝගික අධිකාරිය අදාල ගබඩාවට මුද්‍රා තැබුවේ බිත්තර සගවා ඒවා වැඩි මිලට අලෙවිකරන බව පවසමින්ය.
පසුව සිද්ධිය සම්භන්ධයෙන් ජා ඇල පොලිසිය සහ පාරිභෝගික අධිකාරිය අද(03)අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ අතර මෙහිදී විනිසුරුවරයා නියෝග කළේ ගබඩාවේ මුද්‍රා ඉවත් කර හිමිකරුට ලබා දෙන ලෙසයි. ඒ අනුව අද පස්වරුවේ ජා ඇල පොලිසිය අදාල ගබඩාවේ මුද්‍රා ඉවත් කර තිබේ.
මෙම බිත්තර ගබඩාවේ හිමිකරු සමස්ත ලන්කා බිත්තර වෙළද සන්ගමයේ සභාපති ඇන්ටන් නිශාන්තට අයත් වන අතර වැටලීම සිදු කරන අවස්ථාවේ එහි බිත්තර 60000 ගබඩා කර තිබූ බවට වාර්තාවේ.