විදේශ විනිමය වෙළදපොළ සම්බන්ධයෙන් පනවා තිබුණු සීමා ලබන සදුදා හෝ අගහරුවාදා වන විට ඉවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මහ බැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ අපනයනකරුවන් වෙනත් රටවල රදවා තිබෙන විදේශ විනිමය මෙරටට ගෙන ආ යුතු බවයි.














































