අද (4) දින පෙරවරුවේ කාන්තා මළසිරුරක් පුස්සැල්ලාව සෝගම තේ වත්තක තිබී හමුව ඇති බව වාර්තා වෙයි.
මෙම මළ සිරුර 25 හැවිරිදි සදාසිවම් නිරංජලා දේවි නමැති පුස්සැල්ලාව කටුකිතුල ජනඋදානගම පදිංචි කාන්තාවකගේ බව වාර්තා වෙයි.
මෙම මරණය ඝාතනයක්ද නැතිනම් සිය දිවි නසා ගැනීමක්ද යන වග මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































