දිඹුලාගල මහදමන කනිෂ්ට විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන කේ.ඩබ්ලිව් උෂාන් ආකාෂ් උපතින්ම ආබාධිතය. ඉපදීමෙන් දින කිහිපයකට පසු මෙලොව හැර යන බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුනත් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් එක්වී මෙම දරුවා බේරාගැනීමට සමත් වී තිබුණි.
අද වන විට උෂාන් ආබාධිත තත්වයේ පසු වූ අතර හදවත් සැත්කම් කිහිපයකටද ලක් වී තිබුණත් ඔහු තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු ඉතා හොදින් ක්‍රියාශීලීව සිදු කිරීමට පුරුදු වී සිටි බවට වාර්තා වේ.














































