ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීම සදහා මූලික එකගත්වය පළ කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමේ මුල් පියවර ලෙස ඇමෙරිකානු ඩොලර් 300ක මුදලක් මේ මාසයේ අගට හෝ ලබන මාසයේ මුල් සති දෙක අතර කාලයේ ලැබෙනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි .ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අතර පසුගිය සිකුරාදා පැවති දුරකථන සාකච්ඡාවේදී ද මේ පිළිබදව සාකච්ඡා කෙරී ඇති බවත් මූල්‍ය අරමුදල අපේක්ෂා කරන මූලික අවශ්‍යතා අතුරින් චීනයේ ණය ප්‍රතිව්‍යුහකරණයට අවශ්‍ය එකගත්වය හැර සෙසු අවශ්‍යතා සියල්ලම පාහේ මේ වන විට සම්පූර්ණ වී ඇති බවත් මෙම ආරංචි මාර්ග සදහන් කළේය .
ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කළමණාකාර අධ්‍යක්ෂිකාව අතර පැවති සුම් තාක්ෂණය හරහා පැවති සාකච්ඡාවට අනුව වසර හතරක කාලයක් පුරා ලැබෙන ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමට අදාළ එකගතා ගිවිසුම සදහා ඉදිරි සතියේදි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇති බවත් ඒ අනුව එම ගිවිසුමට අත්සන් කිරීම සිදුවනු ඇති බවත් අනාවරණය කළේය.එම ගිවිසුමට එකගවීමත් සමග ඩොලර් මිලියන 300ක පළමු ණය කොටස නිදහස් කිරීමට අරමුදල ක්‍රියා කරනු ඇත.මෙම මුදල් විදේශ සංචිත තර කිරීමට පමණක් යෙදවීම පිළිබදව ද ශ්‍රී ලංකාවට එකග වන්නට සිදුවනු ඇති බව සදහන් කළ මෙම ආරංචි මාර්ග ශ්‍රී ලංකාව මූල්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් දක්වන ප්‍රගතිය මත ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය ආයතන ද ශ්‍රී ලංකාව සදහා ණය ආධාර ලබා දීමට එකගත්වය පළ කර ඇතැයි සදහන් කළේය
කෙසේ වුවද රටේ උද්ධමනකාරී තත්ත්වය පාලනය කිරීම සදහා ශ්‍රී ලංකාවේ මූල්‍ය බලධාරීන් මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සෑහීමකට පත්ව නැති අතර ඔවුන් අවධාරණය කර ඇත්තේ පොලී අනුපාතිකය තවදුරටත් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවය.මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා සහ මූල්‍ය අරමුදල් කළමණාකාර අධ්‍යක්ෂවරිය අතර පැවති සාකච්ඡාවේද අවධාරණය කර ඇති අතර ඊට පසුවද එනම් සිකුරාදා මහ බැංකු අධිපතිවරයා රටේ මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනයේදී ප්‍රකාශ කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පාදක ඒකක 100කින් එනම් 15.5% සිට 16.5% ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බවයි.
(ලංකා සර )














































