මහ බැංකුවේ වෙබ් අඩවියේ පළ කර තිබූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහාතා ප්‍රකාශ කර සිටියේ අත්‍යාවශ්‍ය ද්‍රවය වලට විදේශ විනිමය හිගයක් රට තුළ නොමැති බවයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ප්‍රකාශ කළ බව සදහන් කරයි.
” බැංකුව තුළින් එන ප්‍රේෂණ අඩුවීමට ප්‍රධාන හේතුව වුණේ 2021 වසරේ ඉඳලා. අපේ 203යි කියලා ෆික්ස් කරගෙන හිටියා. වෙනමම බැංකු ක්‍රමයෙන් පිට තමයි සම්පූර්ණයෙන් වෙළෙඳාම සිදුවුණේ. බැංකුවේ තියෙන මුදලයි, මුදල් හුවමාරු ආයතනවලින් එන මුදල අතර වෙනසක් නැහැ. අත්‍යවශ්‍ය දේ සඳහා විදේශ විනිමය හිඟයක් නැහැ. තෙල්, ගෑස්, ගල්අඟුරු, අත්‍යවශ්‍ය ඖෂධ සඳහා සියලුම දේවල් සඳහා අවශ්‍ය විදේශ විනිමය දැන් මහ බැංකුවෙන් සපයන්නේ නැහැ. එය සපයා ගන්නේ බැංකු ක්‍රමය තුළින් ඒකේ සංවිත දැන් මිලියන 600ට විතර වැඩිවෙලා තියෙනවා. ඒක දිගටම වැඩිවෙනවා.”