අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් යාමේ අවධානමක් මතුව ඇති බවත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනයක් ඉදිරි සති දෙක තුළදී ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































