ඊජිප්තුවේ කයිරෝ නුවර පැවති 29 වැනි Top Model of the world-2013 තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගත් සදනි පීරිස් මෙනවිය අද(07)දින උදෑසන ලංකාවට පැමිණි බවට වාර්තා වේ.
එම තරගාවලිය ඉකුත් පෙබරවාරි 20 සිට මාර්තු මස 03 දක්වා,ලෝකයේ රටවල් 42ක නිරූපණ ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ අතර ඇය එම ජය්‍රහණ රැගෙන අද දින උදෑසන 08.30ට බහරේන් නුවර සිට ගල්ප් ගුවන් සේවයේ ජී.එප්-144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ බවට වාර්තා වේ.
22 හැවිරිදි මැය කොළඹ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනයක “බැලේ” නර්තන උපදේශිකාවක් ලෙස කටයුතු කරමින් සිටින අතර ඇයගේ සිය අනාගත බලාපොරොත්තු වශයෙන් ඉදිරි මාස 6ක කාලය සදහා ඉන්දියාවේ විශාලතම නිරෑපන ශිල්පී ආයතනයක සේවය සදහා යාම සදහා බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.














































