පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම වඩාත් සුදුසු වන බව මැතිවරණ කොමිෂන් සභාව විසින් වාර්තා කර තිබේ.
එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් අදාළ උපදෙස් ලබාදුන් බවයි.
ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සහ ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැනනැගුණු අනපේක්ෂිත හා නොවැළැක්විය හැකි කරුණු හේතු කරගෙන අදාළ ඡන්ද විමසීම මාර්තු 09 වැනිදා පැවැත්වීමට නොහැකි බව සදහන් කරන ලදී.













































