හරක් කටා මේ වන විට අත් අඩන්ගුවට ගෙන තිබෙන බව විදේශ පුවත් අනාවරණය කර තිබේ. මීට පෙර ඔහු ඩුබායිහිදී අත් අඩන්ගුවට ගත් නමුත් ඔහුට ඩුබයි පොලිසියෙන් නිදහස්ව යා හැකි ලෙස ලන්කාවෙ රාජ්‍ය ආයතන කටයුතු කරන ලදී. 2022 ඔක්තෝම්බර් 9 වැනි දින අරුන පුවත් පත එම කුමන්ත්‍රණය වාර්තා කර තිබුනේ මෙසේය. මේ කුමන්ත්‍රණය මෙවරත් ක්‍රියාත්මක වේවිද? යන්න බොහෝ දෙනා සැක පහල කරයි.
“හරක් කටා ඩුබායි පොලීසියෙන් යනකම් ලංකාවේ දින 50 ක්ම ලියුම් හදලා – පොලීසියයි නිතිපතියි විදේශ අමාත්‍යාංශයයි කඹ ඇදිල්ලක.
ඩුබයි සිට හරක් කටා අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන් අගෝස්තු 19 වනදා සිට සැප්තැම්බර් 12 දක්වා දින 23ක් ලිපිගොනු සැකසීම වෙනුවෙන් කල් මරමින් ක්‍රියාකර ඇතැයි අනාවරණය වී ඇත.
පොලිස් දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 12 දා එම වාර්තාව ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කරන දිනයේම නීතිපති දෙපාර්තමේන්තුවටද නීතිපති උපදෙස් පතා වාර්තාවේ පිටපතක් යොමු කර තිබේ .
ආරක්ෂක ලේකම්වරයාගේ අත්සනින් පසුදින (23 දා ) ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වීමට පෙර එය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තිබුණි.එදිනම ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආරක්ෂක කවුන්සලයේ දී මේ ගැන සාකච්ඡා කෙරිණි. එහිදී අගෝස්තු 19 දා හරක් කටා අත් අඩංගුවට ගත් බව මෙරටට නිල වශයෙන් දැනුම් දී ලිපිගොනු ඉදිරිපත් කිරීමට දුන් දින තිහක කාලය සතියකින් අවසන් වන බව අනාවරණය විය.
උදර්පන නීතිය යටතේ සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සම්මුතිය සදහා වන ගැසට් පත්‍රය 2022 මැයි 30 හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ ද පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැති නිසා වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද වත්මන් ජනාධිපතිවරයා නියෝග කළේ ජපාන සංචාරයට පෙරය .
ආරක්ෂක ලේකම්වරයා සැප්තැම්බර් 13 වනදා විදේශ ලේකම්ට යොමු කළ ගොනුව විදේශ ලේකම්වරයා යළිත් සැප්තැම්බර් 15 නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇත.නීතිපති දෙපාර්තමේන්තුව එම ගොනුව පරීක්ෂා කිරීමට තවත් සතියක් ගෙන එය නැවත විදේශ ලේකම්ට යවා ඇත්තේ සැප්තැම්බර් 26 දාය.
විදේශ ලේකම්වරයා එය අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට යැවීමට තවත් දින හතරක් ගෙන ඇත. එය අබුඩාබි වෙත යවා ඇත්තේ සැප්තැම්බර් 30 දාය.
හරක් කටා ඩුබායිවලදී අත් අඩංගුවට ගැනීමට පෙර සිටම ඔහුට එරෙහි රතු වරෙන්තු නිකුත් කිරීමට ගොනු සකස් කරන ලෙස ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීම්වලදී පොලිස්පතිවරයා පොලිස් ප්‍රධානීන් දැනුවත් කර තිබුණි.
එසේ තිබියදී ඉකුත් සදුදා (03 දා ) හරක් කටා නිදහස්ව ගිය බව මෙරටට නොනිල තොරතුරුවලින් අනාවරණය විය.
අවශ්‍ය ලිපි ගොනු ප්‍රමාද කළ රාජ්‍ය නිලධාරීන් ගැන සෙවීමට විශේෂ කමිටුවක් පත් කරන ලෙස පසුගිය අගහරුවාදා (04 දා ) ආරක්ෂක කවුන්සිලය රැස්වූ මොහොතේදී ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට නියෝග කර තිබේ.
කෙසේ වෙතත් හරක් කටා මෙරටට රැගෙන එම වැලැක්වීමට දේශපාලන හා පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු හා නීති ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුව මුදලට බිලිබාගෙන ඇතැයි ඩුබායි තොරතුරු අනාවරණය කරයි . මෙම සමස්ත මෙහෙයුමට ඩුබායි මත්ද්‍රව්‍ය ජාවාරමුන් රුපියල් කෝටි සියයකට වඩා වැඩි මුදලක් වැය කර ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි .“













































