හික්කඩුව පොලීසියට ලැබුණු තොරතුරක් මත හික්කඩුව සංචාරක පුරවරයේ විදේශිකයන්ට කුලී රථ සපයන ස්ථානයක් ඉදිරිපස නවතා තිබූ යතුරුපැදියක් තුළ හෙරෝයින් ග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයා ගත් බව වාර්තා වේ .
මෙම යතුරුපැදියට යම්කිසි අයෙකු විසින් තවත් අයෙක් ලවා හෙරෝයින් දමා ඇති බවත් මේ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුදගලයෙකු අත් අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය සදහන් කළ බව වාර්තා වේ.
යතුරුපැදියේ හිමිකරු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර ඇති අතර මෙම කුලී රථ සපයන ආයතන දෙකක තිබූ අමනාපයක් මත මෙය සිදු කර ඇති බව පොලීසිය වාර්තා කරයි.
මෙම අත් අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර යතුරුපැදියේ හෙරෝයින් ඇති බව පොලීසියට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ යතුරුපැදියට හෙරෝයින් දැමූ පුද්ගලයා බව හෙළි වී ඇති බව වාර්තා කරයි.














































