English
සිංහල
20:32 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සේනාධිනායකතුමනි!, ත්‍රිවිධ හමුදා භටයන්ට ඔබව එපා කරවන ආරක්ෂක ලේඛම් ත්‍රිවිධ හමුදාවම ජාත්‍යන්තරයට විකුණයි!.

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ත්‍රිවිධ හමුදාවේම පඩි පත මංකොල්ලකමින් ගුණරත්නගේ සඳහිරු සෑ ගැහිල්ල

    PRO  නෝනගේ  විනය 

    සාක්ෂි යටගහන්න සෙබලූන් 50ක් ඇබ්සන් කළ  කුප්ප මෙහෙයුම

    සෙබළුන් වෙනුවෙන් හඬ නැගූ RSM යාපනයට

    ශ්‍රී රාවණා ලංකා ස්වාධීන මාධ්‍ය ආයතනයක් ලෙස විශේෂ ලියුම්කරුවෙකුගේ සාක්ෂි මත පදනම් වූ  සුවිශේෂී  හෙළිදරව් ගනනාවක් සිදුකර තිබේ. එසේම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පිළිබඳව දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ගේ දැනුවත් වීම සඳහා අනාවරණය කරන ලද මුත් යොමුගත කරුණු සබැඳිව එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ වැඩි  කිරීමට  කිසිවක් ඇත්නම් එයද පළ කිරීමට එකඟතාවය පළකළ පසුබිමක විවිධ ආකාරයෙන් තර්ජනය කිරිම් නොකර ඔහුගේ නිවැරදිතාවය වෙනුවෙන් ලිපියක් ලිවීමට ඉඩ කඩ සකසා තිබුණි. නමුත් කමල් ගුණරතන මහතා පිළිගත් මාධ්‍ය ආයතනයක් වන “ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ආයතනයට” මීට පෙරද ලිඛිතව තර්ජනය කරන ලද්දේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව තවත් පැමිණිල්ලක් මී ලඟට පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කොමිෂමට සමස්ත ලෝකයේම අවධානය ගැනීමට සලස්වමිනි. එම ලිපියේ බරපතලකම පිලිබඳව ඔවුන්ට වැටහීමක් නොමැති වුවත් ඉන් ශ්‍රී ලංකා හමුදාවන් වල තත්වයට දැඩි හානියක් සිදු වේ.

    මේ අතර ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක කර්නල් නලීන් හේරත් නැවතත් සඳහන් කරනුයේ අප ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ අසත්‍ය පුවත් පලකරන බවයි. එය ඔවුන්ගේ නිතිය විනා රටේ නීතිය නොවේ. ඔවුන්ට එරෙහිව ඇති කතාවන් වල පලකල හැකි සාක්ෂි පලකිරීමට අපගේ මණ්ඩලය අද තීරණය කරන ලදී. ඒ අනුව මේ ලියවෙන ලිපියට කුඩා සාක්ෂි කිහිපයක් පමණක් එකතු කිරිමට තීරණය කරන ලදී.

    නුගේගොඩ චැපල් පාරේ පිහිටි ROYAL INSTITUTE හි අනවසර ඉදිකිරීම් කඩා බිඳ නොදැමීමට ශ්‍රේෂ්ඨ අධිකරණ නඩු තීන්දුවක් ලබා දී තිබේ. එසේ තිබියදීත් කමල් ගුනරත්න මහතා  කෝට්ටේ මහ නගර සභාවට බලපෑම් කර තිබේ. එසේම බ්‍රිගේඩියර් අනිල් සෝමවීර නැමැති නිලධාරිකුට  වැරදි චෝදනා එල්ල කිරීමට මූලික පරීක්ෂණ උසාවි දෙකකට බලපෑම් කර තිබේ.

    එසේම ප්‍රජාතන්ත්‍රවාදී රටක  පුරවැසි  අයිතියක් වන  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දෙලක්ෂ පනස් දාහක් පමණ වන ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට අහිමි කර තිබේ. ආරක්ෂක ලේකම්ගේ සම්බන්ධීකරණ නිලධාරී  මේජර් ජනරාල් දිනේෂ් නානයක්කාර හරහා නුසුදුස්සන්ට තනතුරු නිල ලබාදීමද සිදුකර තිබේ. එම අය කවුරුන්ද යන්න ඉදිරියේදී එළිදරව්  කරනු ඇත.  

    ත්‍රිවිධ හමුදාවේම පඩි පත මංකොල්ලකමින් ගුණරත්නගේ සඳහිරු සෑ ගැහිල්ල

    මේජර් ජෙනරාල් මෙත්තානන්ද, මේජර් ප්‍රසන්න  වන්නිආරච්චි වැනි සෙබළුන්ගේ බත්පත මංකොල්ලකෑ  කුප්‍රකට දූෂිතයන් තනතුරුවල හිඳුවා කිරි පොවන කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් බලයෙන් ත්‍රිවිධ හමුදාවේම සෙබළුන්ගේ පඩි පත මංකොල්ලකෑම සාක්ෂි ඇතිව ඔප්පු කළ හැකි තවත් එක් හිරිකිත ගැහිල්ලකී.

    මියගිය සොල්දාදුවන්ට පින් පිණිස මහා විහාර භූමියේ ඉදිවුණු  සඳ හිරු සෑය මීට වසර දෙකකට පෙර එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සසුනට පූජා කළද  ලේකම් බලය අවභාවිතා කරමින් එම  ස්තූපය සහ පූජා භූමිය  මහා විහාරයට භාර නොදීම තවත් ගැටලුවකි. සමහර විට ඉන් වංචා, හෝ දූෂණ සිදුනොවනවා විය හැකිය. නමුත් සේනාධිනායකයා විසින් බුදු සසුනට පූජා කරන ලද භූමියක් ලේඛම් බාරයේ තබා ගැනීම වරදකි.  සේවයේ යෙදී සිටින රණවිරුවන්ගෙන්ද වැඩ නිම කරන ලද ස්තූපය ඉදි කිරීමටයි පවසමින් තවදුරටත් වැටුපෙන් මුදල් මංකොල්ලකමින් සිටින අතර මාස්පතා  එකතු වන කෝටි ගණනක මෙම  මුදල් වලට  සිදුවන්නේ කුමක්ද යන්න සේනාධි නායකයා  වන ජනාධිපති විසින් විඝනකාධිපති යටතේ  ස්වාධීන  පරීක්ෂණයක්  සිදුකර  මහජනතාව දැනුවත් කළ යුතුය. කෙසේ නමුත් වරද නම් ශාසනයට පූජා කරන ලද වැඩ නිමා කල එයට තවමත් මුදල් එකතු කරනුයේ ඇයිද යන්නය.

     හමුදා සාමාජිකයින් ගෙන් බෞද්ධ අරමුදලට වැටුපෙන් කපා ගන්නා රුපියල් 10 ට අමතරව සඳහිරුසෑය ඉදිකිරීමට සෑම මසකම ඔවුන්ගේ වැටුපෙන් කොටසක් (රුපියල් දහයක්) මුල සිට කැමැත්තෙන් ලබා දුන්නද සඳහිරුසෑය ඉදීවි වසර දෙකක් ගතවූ පසුවත් තම වැටුප මංකොල්ල කන ආරක්ෂක ලේකම් පන්නිපිටියෙ  සුවිසල් මාලිගාවක්  ඉදිකරන්නේ එම මුදල්  වලින්ද යන්න  ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට සැක හැර දැන ගැනීමට  ස්වාධීන විගණනයක් අනිවාර්යයයෙන් සිදුකරන ලෙස ඉල්ලා සිටී. කෙසේ නමුත් ආයතනික අරමුදල් භාවිතා කිරිමේ බලය තිබෙන්නේ එහි ප්‍රධානියාටය.

    මෙම කෝටි ගණනක මුදල් වලට අමතරව අත්අඩංගුවට පත්වන රත්රන්  දේශීයව මෙන්ම විදේශීයව ලැබෙන කෝටි ගනන් ආධාර මුදල්  ගණකාධිකරණය පිළිබඳ අබමල් රේණුවක දැනුමක් නොමැති මේජර් නදීරා විජේසිංහ ලුතිනන් කර්නල් සම්පත් ජයසිංහ වැනි අය යටතට පත්කොට ආරක්ෂක ලේකම්ගේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල්  දිනේෂ් නානායක්කාර යොදවා රාජ්‍ය මුදල් ප්‍රතිපත්ති ගිණුම් ප්‍රතිපත්තිය, මෙන්ම ප්‍රසම්පාදන චක්‍රලේඛ  උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන ආරක්ෂක ලේකම්ගේ හිතුවක්කාර ක්‍රියා සේනාධි නායකයා මෙන්ම මුදල් ඇමති ලෙස  ජනාධිපති වික්‍රමසිංහ අනුමත කරන්නේද?, යන්න මේ විශේෂ ලියුම්කරුට තිබෙන ගැටලුවකි.

    ආරක්ෂක  අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී වරයෙකු , වරලත් ගණකාධිකාරීවරුන් රැසක්  මෙන්ම අභ්‍යන්තර විගණන ඒකකයක් පවතින මුත් හිතුවක්කාර ලේකම්වරයාගේ තීරණයකට අනුව අඩුම තරමින් ගිණුම් ලිපිකරුවෙක්වත් නොවන මේජර්  නදීරා විජේසිංහ හට  පෞද්ගලික සම්බන්ධතා මත කෝටි ගණනක මුදල්  පාලනය දීමෙන්ම මෙම සැකය  තව තවත් තීව්‍ර කිරිමට හේතුව වී තිබේ. සමහර විට කිසිදු වංචාවක් සිදුව නොමැතිව ඇති නමුත් පූජා කරන ලද බෞද්ධ සිද්ධස්ථානායක් ඔහුට තබාගත නොහැක.

    ගුණරත්න මහතාගේ කවි පන්ති  සඳහිරු සෑ භූමියේ කළු ගල් වල කොටා තබා ගුණරත්න ගැන පරිච්ඡේදයක්  ඉතිහාසයේ ලියා තැබීමට  සෙබළුන්ගේ දාඩිය මහන්සියෙන් හරිහම්බ කරගත් පඩියට විඳීම වරදකි.

    පඩිපතේ කොටසක්

    PRO  නෝනගේ  විනය  

    කාන්තාවන්ට ලොල් බව මුදල් සහ බීමත් කම  සීමා මායිම් නොමැතිව සිදු කිරීම පිරිමියාගේ පිරිහීමට හේතු වෙන බව අසා තිබුණද ඇඩ්‍රස් නැති වෙන්නම දැනගන්නේ ආරක්ෂක ලේකම්ගේ පිරිහීම මත ත්‍රිවිධ හමුදාවටම විශේෂයෙන් යුද හමුදාවට කෙල වුනු නිසාය.

    ලේකම් ගුණරත්නගේ  PRO වන උක්වත්ත වනාහි  එවක යුද හමුදා කාන්තා බලකායේ නම්බුව සෝදා දැමූ කැරොල්  කරත්තයකි. යුධ හමුදා කාලතුවක්කු බලකා නිළධාරියෙකු සමඟ යුග දිවියට එළඹුණු මැය තරු පටි  සිවිල්  භේදයකින් තොරව කතා ගනනාවකට මාර්ගය සලසා තිබේ.

    කෙසේ නමුත් යුද හමුදා පොලිසියේ නිලධාරියකු සමග යහන්ගතව තම ජංගම දුරකථනයෙන් සියල්ල පටිගත කළ මැය  සම්බන්ධයෙන් මෙන්ම එම නිලධාරියා සම්බන්ධයෙන් පසුකාලීනව පරීක්ෂණ සිදු වුයේ එම වීඩියෝ පට  සමාජයේ සංසරණය වීමත් සමඟමය. වගකිවයුතු සදාචාරාත්මක මාධ්‍යයක් ලෙස එම වීඩියෝ දර්ශන ඔබගේ දැනගැනීමට ඉදිරිපත් නොකරන මුත් මේ මොහොත වන විටද ඉන් කිහිපයක් අප වෙත ලැබී ඇත.

    එම වීඩියෝ පට තුළ කාම ධේනුවක් ලෙස හැසිරෙන මැය සන්තකයේ  ලේකම්වරුන් කීදෙනෙකුගේ නම්බුව  නැතිකර දැමීමට  සාක්ෂි ඇතිද යන්න පිළිබඳව සැක මතු වූයේ මෙවැනි කැරොල් චරිතයක් රටක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා PRO තනතුරේ තබාගෙන සිටින බැවිනි.

    අපගේ පලවන අනාවරණයෙන් පසුව යුද හමුදාවේ  විශ්‍රාමික  කර්නල්වරයකුවූ වන ඉමදුවගේ තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ PRO  නෝනා පත්කිරීම පිළිබඳව ප්‍රශ්න කළ විට ඔහුගේ whatsapp හරහා එසැණින් පැමිණි ලේකම් ගුණරත්න  එම පෝස්ට් එක සබැඳිව අසතුට පළ කිරීම  මෙන්ම නොකියාම ලේකම් කාර්‍යාලයට කඩාපනින ලේකම් බිරිඳ  උඩුදුවා දුරගිය  සම්බන්ධතාවල ගැඹුර මොනවට  කියාපාන්නේද?

    එම වට්ස් අප් පණිවිඩයේ screenshot 

    ආරක්ෂක ලේකම්ගේ මහජන සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස  උසස්වීම් ලබා දෙමින් යුද හමුදා පිලිවෙත උඩුයටිකුරු කරමින් තමා යටතට ගෙන අතිරේක ලේකම්වරයෙකුට  හා සමානව හිමි වරදාන වරප්‍රසාද ලබාදීම සබැඳිව ආරක්ෂක අමාත්‍යංශයේ සේවකයින් දැඩි කනස්සල්ලට පත්වී ඇත්තේ මෙවන් තැනැත්තියකට “මැඩම්” කියා ආමන්ත්‍රණය කිරීමට ගුණරත්න උපදෙස්දී තිබීමයි.

    සෙබල මානව හිමිකම් අමුවෙන් උල්ලංඝන  කරන දෙකයි පනහේ  නීතිරීති වලට අනුව 2022 දෙසැම්බර් මස 10 වන දින විශේෂ ලිපියක් මගින් හමුදා සාමාජිකයන් හට නිල ඇදුමෙන් ගන්නා ලද ඡායාරූප කිසිසේත් සමාජ මාධ්‍ය තුළ පළ කිරීමට තහනම් කළ පසුබිමක  සෙබළුන්ගේ ආහාර මහ දවල් අමු අමුවේ මංකොල්ල කෑමට චෝදනා ලැබ සිටින ජර් ප්‍රසන්න වන්නිආරච්චි 2023  ජනවාරි මස 14 වන  සහ පෙබරවාරි 8 වන  දිනවල නිළ ඇඳුමෙන් ගත් ඡායාරූප ෆේස්බුක් පිටුවේ පළකර තිබේ.

    2023  ජනවාරි මස සිට තම නිල ඇඳුමෙන් ගත් ඡායාරූප ෆේස්බුක් පිටුවේ පලකිරීම හේතුවෙන් සියයකට ආසන්න හමුදා සාමාජිකයන්  පිරිසක් මේවන විටත් දඬුවම් ලබමින් සිටින බව වාර්තා වුවත් නිලධාරීනට එවැනි නීතියක් බලාත්මක නොවීම වරදකි.

    තමන්ට  මෙන්ම තමා ඇසුරු  ඇසුරු කරන්නන්ගේ  අවශ්‍යතා මත  රිසිසේ හමුදා සාමාජිකයන්ගේ පලිගැනීමට දඩමීමා  කරගත් මෙම අවනීතියෙන් අසරණ  සොල්දාදුවන් හට දඬුවම් ලබා  දෙන ගුණරත්නට විරුද්ධව ජිනීවා මානව හිමිකම්  කවුන්සලය වෙත නොබෝ දිනකින්  බරපතළ චෝදනා පත්‍රයක්  උසස් හමුදා නිලධාරියකු විසින්  ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙන බවද අප වෙත වාර්තා වී තිබේ.

    ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකා නිලධාරිනියක් වන මේජර් නදීරා  විජේසිංහගේ ඉල්ලීම් අනුව එම බළකායේ බලකාධිපති  නතුරට  කුප්‍රකට මේජර් ජෙනරාල් මෙත්තානන්ද පත් කිරිම තුළින් වසර හැත්තෑවකට ආසන්න ප්‍රෞඩ අතීතයකට හිමිකම් කියන එම බලකාය මෙන්ම  සමස්ත යුද හමුදාවම විනාශ කර දමා තිබෙන බවද නොරහසකි.

    දූෂණ චෝදනා රැසක් ඔප්පු වී ඇති පසුබිමක  කුප්‍රකට මෙත්තානන්ද  තවදුරටත් බලකාධිපති වීම  මෙන්ම  දූෂිත ප්‍රසන්න වන්නිආරච්චි අදටත් අණදෙන නිලධාරී වීම  පුදුම සහගතය.

    සාක්ෂි යටගහන්න සෙබලූන් 50ක් ඇබ්සන් කළ  කුප්ප මෙහෙයුම

    මේජර් ජෙනරාල්  මෙත්තානන්දට  මෙන්ම කුප්‍රකට  අණදෙන නිලධාරි මේජර් ප්‍රසන්න වන්නිආරච්චි හට කිසිදු හානියක් නොවීමට වගබලාගත්  මේජර් නොදිරා විජේසිංහ කමල් ගුනේට දුන් උපදෙස් ප්‍රකාරව හමුදාපතිට මෙන්ම මෙම දූෂිතයන් දෙදෙනාට විරුද්ධව පත්කරන ලද මූලික පරීක්ෂණ උසාවි දෙකේ හමුදා ලොක්කන්ට බලපෑම් කළ කමල්  ගුණරත්න මෙම දුෂිතයන් දෙදෙනා ගොඩ දාන තැනට වැඩ සිද්ධ කරන ලෙස නීතිය නවපු ආකාරය ඔප්පු කිරීමට ඕනෑවටත් වඩා සාක්ෂි අප සතුව පවතී. 

    පරීක්ෂණයක් සිදු කිරීමේදී යුධ හමුදා සම්මත ක්‍රමය නම් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු වීම සාක්ෂි වසන්  වීම අවම කර දැමීමට පරීක්ෂණයට භාජනය වන විත්තිකාර නිලධාරීවරුන් තාවකාලිකව හෝ  ඔවුන් දරන සියලු තනතුරුවලින් ඉවත් කිරිමය.  නමුත් කමල්  ගුණරත්නගේ මූලික පරීක්ෂණ උසාවි ක්‍රියාත්මක වූයේ  දූෂිතයන්  දෙදෙනාහට රිසිසේ සාක්ෂිකරුවන් බියගැන්වීමට සාක්ෂි වසන් කිරීමට ඉඩ හසර සලස්වමින් ඔවුන් තනතුරු තානාන්තර වල හින්දුවමිනි

    ආහාර මංකොල්ලය තුළින් කිසිදු  සෙබලෙකු බඩගින්නෙ නොසිටි බව ඔප්පු කිරීමට සත්‍යවශයෙන් ආහාර නොමැතිව කුසගින්නේ සිට යුදහමුදා පොලිස් විමර්ශනයේදී ආහාර නොලැබුන බවට සාක්ෂි දුන් අසරණ සෙබල සෙබලියන් පනස් දෙනෙකු පමණ කෲර වධ හිංසනයට ලක්කර  කඳවුරෙන් පැන යෑමට සැලැස්සූ බවද වාර්තා වේ. නමුත් මෙත්තානන්ද  සහ වන්නිආරච්චි මූලික පරීක්ෂණ උසාවිය ඉදිරියේ කිසිදු වරදක් නොකළ උන් බවට දැනටමත් පත්වී තිබීම හාස්‍යයට කරුණකි.

    දඩුවම් ඉවසීමට නොහැකිව පැනගිය  සෙබළුන් අතර දහදෙනෙක් සාමාන්‍ය සෙබළුන් වන අතර ඔවුන්ගේ නම් සහ සෙබල අංක මෙම ලිපියේ සත්‍යතාවය අභියෝගයකට ලක් කරන්නන්ට සාක්ෂි ඇතිව  ඉදිරිපත්  කරනෙමු. 

    රටම ආර්ථික අර්බුදයකට ලක් වී ඇති පසුබිමක රැකීරක්ෂා 50ක් පමණ නවතා දමන තත්ත්වයට පත් කිරීමෙන් ඔවුන්ගෙන් යැපෙන  300ක පමණ අඹුදරුවන් දෙමව්පියන් සහෝදර සහෝදරියන් අද පත්ව ඇති සෝචනීය තත්වය පිළිබඳව  ඉඳුරාම වගකිව යුත්තේ  කවුද?.

    සෙබළුන් වෙනුවෙන් හඬ නැගූ RSM යාපනයට

    යුද හමුදාවේ ඒකකයක කොදු නාරටිය ලෙස සැලකෙන රෙජිමේන්තු සැරයන් මේජර් වරයා මෙම අසරණ සෙබළුන් වෙනුවෙන් පෙනී සිටීම හේතුකොටගෙන  සෙබළුන්ගෙන් පලිගන්නා කාලසීමාවේදී දියතලාවේ පිහිටි හමුදා ගොවිපලක   මාස දෙකක කාලයක්  අනීතික ලෙස ඔහු රඳවා පසුව යාපනයට  මාරු කර යවා ඇත. ඔහු සමග තවත් ජේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්  රැසකගෙන් පලි ගැනීම් සිදුකර ඇති අතර මෙවැනි හිරිකිත ක්‍රියා සමස්ත හමුදාවටම  කැළලකි.

    හොරා  හොරාමයි  මාස දෙකේ පාඩුව  රුපියල්  මිලියනය ඉක්මවයි

    කුප්‍රකට මේජර් ජෙනරාල් මෙත්තානන්දගේ හිරිකිතකින් තොරව සිදුකරන  හොරකම් දිගින් දිගටම මාධ්‍ය විසින් අනාවරණය කළද බලකාදිපති   සහ මේජර් ජෙනරාල් පට්ටම්  ගැලවීමට  කිසිවෙකුත් සමත් වී නැත. හමුදාපතිටද නොහැක. එවන් පසුබිමක පානලුව සහ දියතලාව පොදු සේවා බලකා ගොවිපලවල කුකුල් මස් සහ එළවළු හොරා කමින් දූෂණ චෝදනා වලින් බේරීමට කමල් ගුණරත්න ඇතුළු හමුදා ලොක්කන්ට දොළ පිදේනි පුදන මෙත්තානන්ද  මාස  දෙකක් තුළ පමණක් එම ගිණුමට සිදුකර ඇති පාඩුව රුපියල්  මිලියනයක්  ඉක්මවන  බවත් කුකුල් මස් වලින් පමණක්  පානළුවේ තුන් ලක්ෂ හැට දාහක්  සහ දියතලාවේ ලක්ෂ තුනක් වශයෙන් දූෂිත ලෙස අහිමිකර ඇති  බවත් වාර්තා වේ. නමුත් ඒවායේ ලේඛන අප වෙත ලැබී නොමැත. කෙසේ නමුත් එම ගිණුම් සබැඳිව විගණනයක් සිදු කළහොත් සැකහැර දැනගත හැක.

    මෙත්තානන්දගෙ  දොලපිදේනි උසස් නිලධාරීන්ගේ කුස්සියටම ගෙනවිත්  දෙන කහඳුගොඩ  නම් වූ කපිතාන්වරයෙකුට හෝමාගම  නිවසක් සෑදීම සඳහා සිරිවර්ධන, පාදුක්ක සහ විජේසිංහ යන සෙබලුන්  වහල් සේවයේ යෙදවීමට උසස් මූලස්ථානයක අනුමැතියෙන් තොරව ලබාදුන් අතර  නීති විරෝධී ක්‍රියා හිරිකිතයකින් තොරව අනුමත  කිරිමට  ගුණරත්නට සිදුවී ඇත්තේ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ  ඉදිවන සුවිසල් මන්දිරයට සෙබළුන් වහල් සේවයේ  යෙදවීම සබැඳිව ඔහුටද චෝදනා එල්ල වී ඇති පසුබිමකය.

    කවුරු කුමක් සඳහන් කලත්, වැනසූ රට ගොඩනැගීමට නම් දේශාපලන පත්වීම සියල්ලම වෙනස් කරමින් පියවරින් පියවර යතා තත්වයට පත්කළ යුතුය. ජනාධිපති රනිල වික්‍රමසිංහ මහතාට අයත් එක්ෂත් ජාතික පක්ෂය දියවී යන්නේ කමල් ගුණරත්න මහතා යහපාලන රජයට එරෙහිව ගෙන ගිය සටන නිසා බව අමතක නොකළ යුතුය. එසේම වර්තමාන ගුවන් හමුදාධිපතිද එහි ප්‍රමුඛතම කොටස්කරුවෙකි. එබැවින් මේ සියල්ලම ටිකෙන් ටික වෙනස් කරමින් නීතියේ ආධිපත්‍ය සුරකිමින්  ගැටුම්, උද්ඝෝෂන, දෝෂාරෝපණ, නින්දා අපහාස මැදින් ඉදිරියට යාමට ජනාධිපතිවරයාට සිදුව තිබේ. එම ගමනේදී මෙවැනි දේශපාලනය කර, පොත් ලියා පත් වූ පුද්ගලයන් ඉවත් කිරිම අනිවාර්යෙන්ම සිදුකල යුතුය. එසේම දේශබන්ධු තෙන්නකොන් මහතා වැනි ජනතා අප්‍රසාධිත පොලිස් නිලධාරීන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුමය. එසේම තරුණ තරුණියන් දිගින් දිගටම මහපාරට බැසීම සාමධානයෙන් නැවැත්විය යුතුය. ඔවුන්ගේ ඉල්ලීම් වලට සවන් දිය යුතුය (ජනාධිපතිවරයා ඉවත්විය යුතුය යන ඉල්ලීම් වලට නොවේ) තරුණ කටයුතු පිලිබදව උගතෙකු සොයා ජනාධිපති අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු ලෙස පත්කළ යුතුය. එසේ නොමැතිව කටයුතු කිරිමෙන්  ජනාධිපතිවරයා දරන දැඩි වෙහෙස තාවකාලික මෙහෙයුමක් පමණක් වනු ඇත.

    ඉදිරි ලිපි

    යුධ හමුදාවට නීතිඥවරුන් බදවා ගැනීමේ දුෂිත ක්‍රියාවක්

    කදවුරෙන් පිටත වාසී භටයන් සහ නිලධාරීන්ට ලැබිය යුතු සලාක දීමනාවට අයත් මුදල් ලබා නොදීම

    (ජනමාධ්‍ය ආයතන තිබෙන්නේ කරුණු ඉදිරිපත් කිරිමටය. ඒවා වැරදි නම් පිළිතුරු ලබා දීම අනෙක් පාර්ශ්වයේ වගකීම වේ. මෙම අපගේ මාධ්‍යකරණය තුල අනෙක් පාශ්වයෙන් කරුණු විමසන්නේ නැත. නමුත් ඔවුන් පිළිතුරු ලබා දෙන්නේ නම් අප එයටද මේ ආකාරයෙන්ම ප්‍රසිද්ධියක් ලබා දෙනු ඇත. එබැවින් මෙම ලිපියටද සාක්ෂි සහිතව පිළිතුරු ලබා දීම කමල් ගුණරත්න මහතාගේ යුතුකම සහ වගකීම වේ.)  

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version