ඊයේ (07) සවස කොළඹ වරායේ සිට සත්ත්ව ආහාර බහාලුම් ප්‍රවාහනය කරමින් සිටියදී එහි එක් බහාලුමක තිබූ රුපියල් 1,476,000ක් වටිනා සත්ත්ව ආහාර කිලෝ 4,920 ක් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් බව සදහන් කරයි.
සැකකරු අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කියයි.














































