අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පුද්ගලික සමාගමකින් රුපියල් කෝටි 4කපමණ මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට කොලඹදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
34 හැවිරිදි මෙම සැකකරු මොරටුව, මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු සේවය කල අදාළ සමාගමෙන් මෙම මුදල් වංචා කර ඇත්තේ බිල්පත් වෙනස් කරමින් බවයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
අද (09) සක කරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














































