පානදුර ප්‍රදේශයේ වෙළදසැලක සේවය කොට රාත්‍රී කාලයේ නිවසට යමින් සිටියදී 18 හැවිරිදි තරුණියක් දුෂණය කල බවට පානදුර පොලිසිය වෙත එම තරුණිය විසින්ම පැමිනිල්ලක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
තරුණිය මාර්ගයේ යමින් සිටියදී කුඩා ලොරි රථයකින් පැමිණි දෙදෙනකු විසින් නිවසට ඇරලවන්නම් කියා ලොරි රථයට නංවා ගෙන ඇති බව තරුණිය සදහන් කර තිබේ.
ලොරි රථය පිංවත්ත දෙසට ගමන් කොට තරුණියගේ ගෙලට තියුණු ආයුධයක් තබා බිය ගන්වා වාද්දුව ප්‍රදේශයේ පාලු ප්‍රදේශයකට ගෙන ගොස් ලොරි රථයේ ඉදිරිපස අසුනේදී ඇයව ඔහුන් දෙදෙනා විසින් දුෂණය කල බව ඇය විසින් ප්‍රකාශ කර ඇති බව පොලිසිය සදහන් කර තිබේ.
අසාද්‍ය තත්වයේ පසුවූ අදාළ තරුණිය කළුතර රෝහලේ ප්‍රතිකාර ලබන අතර පානදුර පොලිසිය සිදුවීම පිලිබදව විමර්ශන ආරම්භ කොට තිබේ.














































