එළබෙන 13 වන සදුදා දින සිට රජයේ නව බදු ප්‍රතිපත්තීන්ට විරෝධය දැක්වීම වෙනුවෙන් රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය වැඩ වර්ජනයකට එළබෙන බව තීරණය කර තිබේ.
ඒඅනුව අදියර තුනකට එම විරෝධය ක්‍රියාත්මක කරනු ඇති බවයි වාර්තා වන්නේ.
පළමු අදියර ලෙස බස්නාහිර , දකුණ , මධ්‍යම, නැගෙනහිර, යන පළාත් වලට අයත් රජයේ රෝහල් වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 13 වන දින උදෑසන 8 සිට ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.
දෙවන අදියර ලෙස උතුර, උතුරු මැද, වයඹ, ඌව, සබරගමුව යන පළාත් වලට අයත් රෝහල් වල මෙම වැඩ වර්ජනය 14 වන දින උදෑසන 8 සිට ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.
එමෙන්ම මුළු ලංකාවම අවරණය වන පරිදි 15 වන දින සියලුම රෝහල් වල දීපව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද තීරණය කල බව වාර්තා වේ.














































