දුම්රිය වැසිකිළියක දමාගොස් තිබූ බිලිදෙකු සොයාගෙන ඇති බව වාර්තාවේ
ඊයේ (11 ) රාත්‍රි 7.00ට පමණ කොටුව දුම්රිය ස්ථානයේදී කොළඹ – මඩකලපුව දුම්රියේ වැසිකිළියක් තුළ සිටියදී බිලිදකු සොයාගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් බිලිදාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.














































