පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ඇතුළු 15 දෙනෙකු පොළොන්නරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ කඳවුරු බැඳීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිට ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් කිසිදු නිරෝධායන නීතියක් නොතකමින් ක්‍රියාකර ඇති බව ද වාර්තා වන අතර පොළොන්නරුව වැටලීම් ඒකකය ඊයේ (18) දිනයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඇප මත නිදහස් කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගැණුනු පිරිස පෙරේදා රාත්‍රියේ දී මොවුන් වනෝද්‍යානයට පිවිස ඇති අතර එහිදී කූඩාරම් ගසා එහි රාත්‍රිය ගතකර ඇති බවටයි වාර්තා වී ඇත්තේ.















































