ගම්පොළ කලුගමුව ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ තිබී ඝාතනයක් බවට සැක පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගත් බවට වාර්තා වේ.
අද උදෑසන තුවාල සහිත මෙම මළ සිරුර නිවසේ උඩු මහලේ තිබී සොයා ගත් අතර මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි දෙදරු පියෙක් බවටද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වේ.
ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයකු සමග ජිවත්වූ අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා සිටි නිවස සම්බන්ධයෙන් අනියම් සැමියා හා බිරිද මොහු සමග ගැටුමක් ඇති කර ගත් බවද මෙහිදී සැක පිට බිරිඳගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් අතර ඔහු සගවාගෙන් සිටි පිහියක්ද හමුවූ බවට වාර්තා වේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර මහනුවර මහ රෝහල වෙත යොමු කල බවට වාර්තා වේ.














































