වැඩිකල බදු සහ ඉහල බැංකු පොලී අනුපාත ඇතුළු කරුණු රැසක් මුල් කර ගනිමින් 15 වනදා වෘත්තීය සංගම් රැසක් වර්ජන ක්‍රියාමාර්ග සදහා අවතිර්ණ වීමට සූදානම් බවට වාර්තා වේ.
විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට තීරණය කල අතර වෛද්‍ය නිලධාරින්ගේ සංගම් හෙට දින බස්නාහිර ,දකුණ,මධ්‍යම,නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් වර්ජනයක්ද එමෙන්ම බැංකු සේවකයින්ද හෙට සිට කලු ඇදුමින් සේවයට වාර්තා කිරීමට සූදානම් බවත් වාර්තා වේ.
එමෙන්ම ලබන 15 වනදා ගුරු විදුහල්පති වර්ජන ස්ථීරවම සිදුවන බවත් ජල සම්පාදන හා ජලාප්‍රවාහන වෘත්තීය සමිති ජල සැපයුම අදාල නොවන පරිදි වර්ජනයට සහභාගි වන බවත් විදුලි බල සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර 15 වනදා වර්ජනයට සහය දක්වන බවට ප්‍රකාශ කර තිබේ.













































