වෑන් රථයක් තවත් වෑන් රථයක් ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියක,වෑන් රථයක සහ මෝටර් රථයක ගැටී හොරණ කුලුපණ පාසල අසලදී අනතුරක් සිදු වූ බවට වාර්තා වේ.
ඊයේ (12) රාත්‍රි 7ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර අදාල අනතුරින් බරපතළ ලෙස තුවාල ලැබූ තරුණයෙක් සහ තරුණියක් හොරණ මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර වෑන් රථයේ රියදුරු බීමතින් සිට ඇති බවට වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලිසිය වැඩිදුරටත් විමර්ශණ පවත්වන බවට වාර්තා වේ.