ත්‍රිකුණාමලය,මොරවැව,කට්ටිකුලම් ප්‍රදේශයේදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තා වේ.
තම කුඹුරට යමින් සිටියදී අදාල පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර එම අවස්ථාවේදි වන අලි රංචුවට මැදි වූ කුඩා දරුවෙකු හා පියෙකු වනීජීවී නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා මුදාගනු ලැබූ බවට වාර්තා වේ.