රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වැඩ වර්ජනයට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරින් බස්නාහිර ,මධ්‍යම ,දකුණ,නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කල බවට වාර්තා වේ.
කෙසේ වෙතත් වර්ජනය ක්‍රියාත්මක කල පළාත්වල මාතෘ සහ ළමා රෝහල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කෙරුණු බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කර තිබේ .
එමෙන්ම ජල සහ වරාය,බැංකු සේවකයින් අද දිනයේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වන බවත් අනිද්දා(15) දින පැවැත්වෙන පාසල් වාර පරීක්ෂණවලින් ගුරු-විදුහල්පතිවරුන් ඉවත්වීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ අද (13)කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කල බවට වාර්තා වේ.