කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් හදා වඩා ගැනීමට හා ඇති දැඩි කිරීමට නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීමට හා ආරක්ෂා කිරීමට ආරක්‍ෂිත මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට එම මධ්‍යස්ථානය ඉතා ඉක්මනින් හා කඩිනමින් ඉදි කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවද අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වේ.














































