2023.01.27 වන දින අධ්‍යාපාන අමාත්‍යාංශය විසින් “ දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල , දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගය – 2023 “ යනුවෙන් නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව පුරාවිද්‍යාව පිළිබද ශාස්ත්‍රවේදී (විශේෂ ) උපාධිධාරින් හට ඉතිහාසය විෂය ඉගැන්වීම සදහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.
පුරාවිද්‍යාව පිළිබද ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිධාරීන් සතුව මෙරට පාසල් තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන 6 -13 ශ්‍රේණි සදහා නියමිත ඉතිහාසය විෂය නිර්දේශයට අදාළ කරුණු 90% කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කිරීමේ හැකියාව පවතින වග පුරාවිද්‍යාව පිළිබද ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පිරිනමන විශ්ව විද්‍යාලවල පුරාවිද්‍යා අධ්‍යනාංශ මගින් සහ පාසල් ඉතිහාසය විෂය නිර්දේශය හා පුරාවිද්‍යාව පිළිබද ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිධාරීන්ගේ විස්තරාත්මක උපාධි ලේඛන මගින් සන්සන්ධනාත්මක විශ්ලේෂණය කර ඒ පිළිබදව තහවුරු කර ඇත.
එමෙන්ම 2022 වර්ෂයේ රජයේ ස්ථීර පත්වීම් ලද සංවර්ධන නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් පාසල් තුළ සිය රාජකාරිය ඉටු කරන බවත් , එම පිරිසෙන් පුරාවිද්‍යා පිළිබද ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිධාරීන් පාසල් තුළ ඉතිහාසය විෂය ඉගැන්වීම සදහා සිය දායකත්වය ලබා දී ඇති බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
නමුත් මෙම ඉදිරිපත් කර ඇති ගැසට්ටුව අනුව පුරාවිද්‍යා උපාධිධාරීන්ට ඉතිහාසය විෂය නිර්දේශය වෙනුවෙන් ගුරු පත්වීම් සදහා අයදුම් කිරීමට නොහැකි වී ඇති බව ප්‍රකාශ කරයි. ඔවුන්ට එයින් අසාධාරනයක් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඔවුන් ප්‍රකාශ කර සිටී.
මේ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා පුරාවිද්‍යාව පිළිබද ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිධාරීන් වෙනුවෙන් අමිල බණ්ඩාරනායක මහතා විසින් අධ්‍යාපන ලේකම්වරයා වෙත ලිපියක්ද යොමු කර ඇත.
එසේම මින් පෙරද පළාත් ගුරු සේවයට ඉතිහාසය ගුරුවරුන් බදවා ගැනීමේදී පුරාවිද්‍ය්‍ය උපාධිධාරින්ටද එම අවස්ථාව ලබා දී තිබේ. අධ්‍යාපන ක්‍රමය තුළද ස්ථීර ක්‍රම සකසා නොමැති වීම හේතුවෙන් මේ ආකාරයෙන් කාලයෙන් කාලයට බලධාරීන්ට අවශ්‍ය ආකාරයෙන් පමණක් කටයුතු කිරීම ඛේදජනකය.