උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහල යනු ඇති බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කල අතර ඔහු පවසා සිටින්නේ ආනයනකරුවන්ට අවාසියක් සිදු වුවත් එහි වාසිය මහජනතාවට ලබාදෙන ලෙසයි.
“මේ අවස්ථාවේ ආනයනයකරුවන් ට පාඩු තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ව්‍යාපාරිකයින්ට එහෙම තමා. ඒ නිසා ආනයනකරුවන් ඉදිරියට එන්න තියෙන භාණ්ඩ සඳහා මිල අඩුකරලා ඒ සහනය ලබාදෙනවා. මිල වැඩිවෙද්දි මේ තත්ත්වය වගේම මිල අඩුවෙද්දිත් මේ තත්ත්වයට මුහුණදෙන්න වෙනවා. නමුත් මේකෙ වාසිය අපි කියන්නේ, පාරිභෝගිකයාට දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේක ඍජුවම ආනයනය කරන්න නොදී අපිට වැඩි වාසියක් පාරිභෝගිකයාට ලබාදෙන විදියට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවෙනවා. පහුගිය සුමානය දිහා බැලුවහම සීනි කිලෝවක් රු 25 – 30කින් වගේ අඩුවුණා. පරිප්පු අඩුවුණා. අල ළූණු මිල පහළට ගියා. ඒ නිසා අපි හිතන්නේ උත්සව සමයේ මිල මේ සති කිහිපය තුළ අඩුවෙලා පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුවට ලබාගන්න පුළුවන් වෙයි.”
මේ අතර රුපියල ශක්තිමත් වී ඇති බව පෙන්වීම කෘතිමව නිර්මාණය කරන ලද්දක් බවට ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කල අතර ඇතැම් ජනතා නියෝජිතයන් ජන්තාවගේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කල බවට වාර්තා වේ.
















































