හෙට (15) රාජ්‍ය , අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකතුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත එක්දින වැඩවර්ජනයකට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සහභාගී වීම හේතුවෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වර්ෂ අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට දින පැවැත්වීමට නියමිත විෂයන් එළඹෙන 21 සහ 22 යන දෙදිනයන්හිදී පැවැත්වීම සදහා තීරණය කළ බව වාර්තා වේ. මේ පිළිබදව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා සියලුම කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇති බව සදහන් කරයි.














































