ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්‍ය මණ්ඩලවල නිවාඩු අද (14) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම් රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගෙන තිබේ.
එම නිවේදනයේ සදහන් කර ඇත්තේ දුම්රිය සේවාව අඛණ්ඩව සහ කර්‍යක්ෂමව පවත්වාගෙන යාම සදහා මාර්තු 15 දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරින්ගෙන් ඒ පිළිබදව නිදහසට කරුණු විමසා විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට දුම් රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් . ඒ . ඩී. එස් . ගුණසිංහ සියලු අංශවල ප්‍රධානීන් වෙත දන්වා ඇති බවයි.
දුම්රිය සමාන්‍යාධිකාරීවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමයේ වෘත්තීය සමිතිය විසින් අද (14) මධ්‍යම රත්‍රියේ සිට පැය 24 ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව පවතින අවස්ථාවක දීය.
එමෙන්ම පෙබරවාරි 27 වනදා 2321 / 07 දරණ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර එය 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යාවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.














































