වන අලීන්ගෙන් එල්ල වන පීඩාවට විරෝධය පළකරමින් අනුරාධපුර ගම්මාන කිහිපයක වැසියන් ඊයේ (14) රාත්‍රීයේ හුළුඅතු දල්වමින් උද්ඝෝෂණයක නිරත වූ බවට වාර්තා වේ
රිටිගල වනජීවි කලාපයට අයත් අංක 186 යකල්ල, තුලාන ,මහසෙන්ගම,පළුගොල්ලාගම,වෙම්බුවැව ,උඩකල්ලාගම,මහසෙන්පුර ඇතුළු ගම්මානවල වැසියන් මෙලෙස විරෝධය පෑ බවට වාර්තා වේ.
මෙලෙස හුරුලුවැව රක්ෂිතය හා හබරණ රක්ෂිතය දෙසින් ගම් වදින වන අලීන් ජිවිත ,නිවාස මෙන්ම දේපල ,වගා බිම් ආදී සියලුම දේ විනාශ කරන බැවින් වගකිවයුතු පාර්ශව මේ පිළිබඳව සොයා බලා ස්ථීර විසදුමක් ලබා දෙන ලෙස ගම්වැසියන් ඉල්ලා සිටී.














































