අල්ලස් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාගයක් සදහා ජූනි මස 27 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කල බවට වාර්තා වේ.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැදවනු ලැබූ බවට වාර්තා වේ. මේ අනුව 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලසීමාව තුල ආපදා කලමනාකරණ අමාත්‍යවරයා වශයෙන් සිටියදී ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයකට විදේශයකින් ලැබුණු වාහනය තම පෞද්ගලික පරිහරණයට ගෙන රජයට රුපියල් ලක්ෂයකට වඩා අලාභයක් සිදු කලේ යැයි චෝදනා නගමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.
















































