English
සිංහල
23:26 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අධිකරණ තීන්දු පවා විවේචනය කරන ඒකාධිපති විධායකයට මේ රට ගෙනියන්න බෑ- සජිත්.

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දැන් රටේ තිබෙන්නේ ඒකාධිපති විධායකයක්, රජය අධිකරණ තීන්දු පවා විවේචනය කරමින් සිටින බවත් රජයට බෙහෙත් ගේන්න ප්‍රතිපාදන නැත්නම් සහය දීමට කැමැත්ත පළකර සිටියදී ඒ පිලිබදව තවමත් සෞඛ්‍ය ඇමති ප්‍රතිචාර නොදක්වා සිටින බවත් මහර පැවති ජන රැලියට සහබාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    එම රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,

    මහර මැතිවරණ කොට්ඨාසයට උගත් බුද්ධිමත් ඉංජිනේරුවරයෙක් ආසන සංවිධායකවරයා ලෙස තාරුණ්‍යය නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබෙනවා. මේ මැතිවරණ කොට්ඨාසයේ අමරණීය දේශපාලන ඉතිහාසය ඒ ටියුඩර් ගුණසේකර නාමය ඒ අවංක විශිෂ්ට පරිණත ජනතා සේවාව අපි කාටත් අමතක කරන්න බැහැ. මහත්මා දේශපාලනේ ප්‍රතිමූර්තිය. නිහතමානී දේශපාලනය තුළ අවංක විශිෂ්ට සේවාවක් ඉටු කළා. එංගලන්තයේ බාට් විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජීනේරුවරයෙකු ලෙස සුදුසුකම් ලබා මහර මැතිවරණ කොට්ඨාසයේ ජනතාවගේ අනාගතය බාර ගැනීමේ කර්තව්‍යය අපි මේ තරුණයාට දුන්නා.

    විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලම ආසනය තරුණ උගතකුට බාර දීම ගැන මට සතුටුයි. මේ කොට්ඨාසයේ වසම් 92ක ගම්මාන 110ක ඡන්ද පොළ මධ්‍යස්ථාන 105ක පළාත් පාලන කොට්ඨාස 32ක ඡන්ද දායකයන් 165000කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. මේ සියලු දෙනාගේම අනාගත අභිවෘද්ධිය උදෙසා අපි හසිත් ගුණසේකර තරුණයා සමඟ අත්වැල් බැඳගෙන මහවට නව අරුනෝදයක් උදා කරනවා.

    හසිත් අපේ තරුණ සංවිධායකතුමා මේ ප්‍රදේශයේ ගැටලු ගණනාවක් ගැන කතා කළා. ගංවතුර උවදුරේ සිට කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු, අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දෙන ගැටලු ජන සමාජය තුළ කුඩා ජාවාරම ව්‍යාප්ත වීම තුළ අපේ දරු පරපුරට සිදුවන මහා විනාශය ආදී ගැටලු රැසක් තිබෙනවා. මම කියන්න යන්නැ අපේ ජයත් සමඟ එක මොහොතේම මේවා විසදෙනවා කියලා. හැබැයි මහර ජනතාවට මම කියනවා මේ ප්‍රදේශයේ ප්‍රශ්න විසදන කර්තව්‍ය අපි ආණ්ඩුවක් එනකම් ඉන්නෑ. ඉදිරි කාලයේ දී සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍ර දියුණු කිරීමේ වැඩ පිළිවෙළ විපක්ෂයේ සිට ආරම්භ කරනවා.

    අපේ රජයක් තුළ පියවරෙන් පියවර මේ ආසනයේ ජනතාව මුහුණ දෙන ඒ ප්‍රධාන ගැටලුවලට විසදුම් ලබා දෙනවා. හුස්ම සහ සක්වල වැඩසටහන් තුළින් මේ ප්‍රදේශයේ රෝහල් සහ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම හසිත් ග-ුණසේකර මැතිතුමාගේ නායකත්වයෙන් රාජ්‍ය පාසල් ශක්තිමත් කරනවා. ඒ වගේම ප්‍රධාන රෝහල්වල උපකරණ ඖෂධ ලබා දී ගුණාත්මකභාවයෙන් ඉහළ රෝහල් ලබා දී විශිෂ්ට සෞඛ්‍ය සේවයකට පාර තනනවා.

    රටේ ප්‍රශ්න ගැන කතා කරනකොට අපි දෘෂ්ටිකෝණ 2කින් ඒ දිහා බලන්නෝන. එක පැත්තකින් අපි සාර්ව දේශපාලනය ගැන සමස්ත දේශපාලන ගැන බලන්නෝන. ඒ වගේම ක්ෂුද්‍ර දේශපාලනය ගැනත් බලන්න ඕන. ආර්ථික විද්‍යාවෙත් මේක තියෙනවා. අපේ රට මේ වන විට බංකොලොත්. ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යයන් ලෙස ආර්ථිකය වර්ධනය වෙනවාට වැඩියි ආර්ථික පසුබෑමක් තිබීම. අධි උද්ධමනයක් තිබීම. විරැකියාව ප්‍රබලයි අපේ. අයවැය හිඟය බරපතල තත්ත්වයක තිබෙනවා. වෙළෙඳ හිඟයක් ඒ වගේමයි. ගෙවුම් ශේෂ හි`ඟයත් ඉහළයි. එතකොට සාර්ව ආර්ථිකයේ හැම දත්තයක් දිහා බැලුවම අපි ඉන්නේ රතු කට්ටේ.

    ක්ෂුද්‍ර ආර්ථිකය කියන්නේ ගෘහයට. ව්‍යාපාර සහ ව්‍යවසායකත්වයට. තනි පුද්ගලයන්ට. සරලව කියනවා නම් ක්ෂුද්‍ර ආර්ථිකය කියන්නේ ජනතාව. සර්ව ආර්ථිකයේ කඩා වැටීම එක්ක ක්ෂුද්‍ර ආර්ථිකයත් කඩා වැටිලා. මොකද්ද මේකට රජයේ ප්‍රතිපත්තිය. ඕනෑම කෙනෙකුට තේරෙනවා සර්ව ආර්ථිකය කඩා වැටෙන කොට ක්ෂුද්‍ර ආර්ථිකයත් කඩා වැටෙනවා කියලා. ඒ වෙලාවේ අපි කරන්න ඕන ආර්ථිකය වර්ධනය කරලා මිනිසුන්ගේ අතට මුදල් ලැබෙන ආකාරය වැඩි කරන එක.

    මිනිසුන්ගේ අතට මුදල් ලැබෙන කොට ජනතාව ඒවා ඉතුරු කරනවා. එක්කෝ පාරිභෝජනය කරනවා. එහෙම නැත්නම් ආයෝජනය කරනවා. මිනිසුන්ගේ අතට මුදල් ලැබෙන කොට මේ ක්‍රියාවන් 3න්ම ආර්ථිකය වර්ධනය වෙනකොට රැකියා ප්‍රශ්නයට විසදුමක් ලැබෙන. ජාතික නිෂ්පාදනය ඉහළ යනවා. කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් වෙනවා. අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය වෙනවා. රටට විදේශ විනිමය ලැබෙනවා. එතකොට බංකොලොත්භාවයෙන් ගොඩ එනවා. මේකට ආර්ථික විද්‍යාව දන්නවාද නැද්ද කියන එක නෙමෙයි. සරල දැනුමක් ඇති අයට තේරෙනවා.

    හැබැයි මේක ආණ්ඩුවට තේරෙන්නැ. ආණ්ඩුව අපි කියන දේට හාත්පසින්ම අනික් පැත්ත කියනව. සමගි ජන බලවේගයේ අපි කියනවා මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න ආර්ථිකය වර්ධනය විය යුතුයි. ආර්ථිකය විශාල විය යුතු යි කියලා. මිනිසුන්ගේ අතට සල්ලි දෙන්න ඕන සල්ලි ලැබෙන ආකාරයක් හදන්න ඕන. ඒ තුළින් රට බංකොලොත්කමින් ගොඩ එනවා. ඒකයි අපේ ප්‍රතිපත්තිය. ඒත් රජයේ ප්‍රතිපත්තිය ආර්ථිකය කුඩා කිරිමයි. සර්ව ආර්ථිකය කුඩා වන විට ගෘහයේ ආර්ථිකය කුඩා වෙනවා. මිනිසුන්ගේ ආර්ථිකය කුඩා වෙනවා.

    බදු බර වැඩි කරන්න හේතුවක් තමයි රාජ්‍ය ආදායමේ ගැටලුව. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව රුපියල් බිලියන 600ත් 700ත් අතර බදු සහන මේ රටේ කෝටිපතියන්ට ලබා දුන්නා. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 බැස්සා. ඒක අපි වර්ධනය කළ යුතු යි. නමුත් අවබෝධ කර ගන්න මේ බදු චක්‍රය මේ බදු සූත්‍රය මේ ආකාරයෙන් නිර්මාණය කරන්න එක හේතුවක් තමයි ඉල්ලුම තෙරපීම. ඉල්ලුම තෙරපුනාම ආර්ථිකය කුඩා වුණාම මේ අය හිතනවා උද්ධමනය අඩු වෙනවා කියලා. ඊට පස්සේ යථා තත්ත්වයකට රට පත්වෙයි කියලා. මම කියනවා මේක වැරදිය කියලා.

    දැන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේත් මේ එකඟතා තිබුණා. ඒත් ජන සවිය, පාසල් දරුවන්ගේ නිල ඇදුම, දිවාආහාර, ගෙවල් ව්‍යාපෘති නතර කළේ නැහැ. යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වුණා. යම් යම් ප්‍රතිව්‍යූහගත කිරීම් සිදු වුණා. නමුත් හැමදේම කළේ එතුමාගේ පැත්තෙන් නෙමෙයි ජනතාව පැත්තෙන් බලලා.

    ඒත් දැන් පාලකයෝ කරන්නේ තමන්ගේ පැත්තෙන් බලලා. දැන් වාදවිවාදයෙන් තොරව හැමෝම පිළිගන්නවා මේ රට බංකොලෙත් කළේ රාජපක්ෂවරු කියලා. මහා ජන අරගලයක් ක්‍රියාත්මක වුණා. මේ රටේ සිවිල් පුරවැසියන් තරුණයන් එකට එකතු වෙලා මුදල් ඇමති අගමැති ජනාධිපති එලෙව්වා. ඊට පස්සේ මොකද වුණේ. වර්තමාන ජනාධිපතිවරයා දේශපාලන පීඩනයට ලක් වූ පොහොට්ටුවේ 134ක් සමග එකට එකතු වී රාජපක්ෂලා රකින ආණ්ඩුවක් ඇති කළා. මේ පවුල් පාලනයේ සාමාජිකයෝ අද නිදැල්ලේ සෞඛ්‍ය සම්පන්න සුවපහසු ජීවිතයක් ගත කරනවා. ඔවුන්ට සියයට 250කින් විදුලි බිල වැඩි වුණා කියලා හානියක් නැහැ. බඩු මිල වැඩි වුණාට අවුලක් නැහැ. ඒ පවුල් පරපුරම යහතින් ඉන්නවා. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ ලක්ෂ 220ක් වූ ජනතාවට.

    අපි රටක් ලෙස හැරවුම් ලක්ෂයකට මේ වන විට පැමිණියා. මේ හැරවුම් ලක්ෂය ක්‍රියාත්මක කරන්න වර්තමාන ජනාධිපති ප්‍රමුඛ අලි කපුටු පොහොට්ටු හවුල ඉඩ දෙන්නැ. ඒ පළාත් පාලන මැතිවරණය තිබ්බොත් එහි අතිමහත් ජයක් සමගි ජන බලවේගයට හිමිවෙන නිසා.ඒක ස්ථිරයි.

    ඒ වගේම මේ ආණ්ඩුව දන්නවා කවුරු මොන දේ කිව්වත් මහමැතිවරණය සහ ජනාධිපතිවරණය එනවා. ඒ දෙකේම ජයත් සමගි ජන බලවේගය ගන්නවා කියලා දන්නවා. එහෙම වුණාම අලියත් ඉවරයි කපුටත් ඉවරයි පොහොට්ටුවත් ඉවරයි. ඒ නිසා තමයි පළාත් පාලන මැතිවරණයට බාධක දාන්නේ.

    මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඒ තීන්දුව තඹ සතේකට ගනන් ගන්නැතිව මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණඩුව බලහත්කාරකමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා රටේ උත්තරීතර නීතිය පාගා දමනවා. උසාවිය කියනවා අයවැයෙන් මැතිවරණය සදහා වෙන් කළ මුදල් දෙන්න කියලා. ඒත් මුදල් ඇමතියි මුදල් ලේකමුයි කියනවා මැතිවරණයට සල්ලි නැහැ කියලා. කවදාවත් මෑත ඉතිහාසයේ මේ වගේ දෙයක් වුණf නැහැ. සල්ලි නැහැ කියන්නේ පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයේ ජයත් සමග හොර ආණ්ඩුව බිද වැටෙන බව. රට ගැන පොදු ජනතාව ගැන මිනිසුන් ගැන හිතා නොවේ තමන්ගේ පැවැත්ම ගැන හිතලයි මේ තීන්දු ගන්නේ. තමන් පත් කළ හොරු රැළ සුරක්ෂා කරන්නයි ඔවුන් තීන්දු ගන්නේ.

    අධිකරණය ලබා දුන් තීන්දු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකලා කියලා වරප්‍රසාද යෝජනා 2ක් ආණ්ඩුවේ මන්ත්‍රීවරන් ගේනවා. මේ අයගේ උපක්‍රමය තමයි විනිශ්චයකාරවරුන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වරප්‍රසාද කමිටුවට ගෙනත් විවේචනය කරලා ලැජ්ඡා කරලා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත් වී රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය විනාශ කරන්න හදනවා.

    අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන පුරුක් 3ක් තිබෙනවා. විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණයයි ඒ. මේ ආයතන 3ම සංවරණ සහ තුලන තිබෙනවා. එක ආයතනයකට අනවශ්‍ය බලයක් තිබෙන සංවරණ සහ තුලන තිබෙනවා. අධිකරණය දුන්නේ ව්‍යවස්ථාදායකය සහ විධායකය ඕනවට වඩා බල සීමාවෙන් ඔබබ්ට යද්දි ඒ මුදල් නිදහස් කරන්න කිව්වා. ඒත් දැන් සංවරණ සහ තුලන ඉවරයි. දැන් ඒකාධිපති විධායකයක් ඇති වෙලා. මට මතකයි දේශපාලන ඉතිහාසයේ ඇමෙරිකාවේ නික්සන් ජනාධිපතිගේ කාලයේ වේටර්ගේට් කුමන්ත්‍රණයත් සමග අධිරාජ්‍යවාදියෙකුගේ බලය ගත්තා සේ හැසිරුණා. වේටර්ගේට් තුළින් එය ඉස්මතු වුණා. අද අපේ රටේත් ඒකාධිපති ජනාධිපති බලයක් තුළ අධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා විනිසුරුවන් සහ තීන්දු තීරණ විවේචනය කරලා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යට වී ඡන්දය කල්දාන්න කුමන්ත්‍රණය කරනවා. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දුන් ඡන්ද අයිතිය අහිමි කරන්න කටයුතු කරනවා. එහෙම කළොත් සිරදඩුවම් හා වන්දි ගෙවන්න වෙයි. උත්තරීතර නීතිය එසේ කියද්දී පුන පුනාම මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනතාවට හිමි පළාත්පාලන මැතිවරණය අහිමි කරන්න හදනවා. ඒ නිසා අවංකවම වෙනසක් අවශ්‍යයි. ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි. හැබැයි ක්‍රමය විතරක් නෙමෙයි සංකල්පත් වෙනස් විය යුතු යි. චින්තනයත් වෙනස් විය යුතු යි. හුදකලා ගමනක් යා යුතු නැහැ. දූපත් රටක් විය යුතු නැහැ. ලෝකය සමග ගනුදෙනු කරන්නෝන. ජාත්‍යන්තර වෙළෙඳාමට මුල්තැන දී තොරතුරු තාක්ෂණ අපනයනවලට මුල් තැන දෙන්න ඕන.

    දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් හදන්න ඕන. තවමත් අපේ රටේ පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍ර අධ්‍යාපනයට ඉඩක් නැහැ. දැනුමක් පෙන්නන්දි විවේචනය කරනවා. පසුගාමී මානසිකත්වයක් තිබෙන්නේ. ඒක හරියන්නැ. අපි ලෝකය එක්ක ගනුදෙනු කරන්න ඕන. හැම ශ්‍රේණිගතකිරිමකින්ම ඉහලට යා යුතු යි. එකට ව්‍යාපාර කිරීමේ ආයෝජනය කිරීමේ පහසුකම් තිබිය යුතු යි. දේශපාලනඥයන්ගේ කොමිස් ගැහිල්ල නතර විය යුතු යි. රාමුවෙන් පිට පැන සිතිය යුතු යි.

    රුවන්ඩාවේ ගෝත්‍රික යුද්ධයෙන් ලක්ෂ 8ක් ජීවිත අහිමි වුණත් අද ඔවුන් ලෝකය සමග කරට කර කටයුතු කරනවා. ඒත් අපි යුද්ධය දිනුවට පස්සේ ඒ යුද ජයග්‍රහනය රටේ ජයග්‍රහය බවට පත් කරන්න බැරි වුණා. සරත් ෆොන්සේකා මැතිතුමා යුද්ධෙ දිනල දුන්නට පස්සේ රාජපක්ෂවරු යුද්දේ වවන් කාලා රට විනාශ කළා.

    රට තොරතුරු තාක්ෂණ හා පරිගණ විද්‍යා පාරාදීසායක් ඇති කරන්න ඕන. ඒ තුළින් අපේ රට ශක්තිමත් කළ යුතු යි. අපේ පක්ෂයට වයස අවුරුදු 3යි . අවුරුදු 3ක් වයසැති අපේ පක්ෂය දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත විප්ලවයක් කළා.ඒ රාජ්‍ය බලය නොමැතිව වසර 75ක ප්‍රජාතන්ත්‍රීය ඉතිහාසය තුළ විශාල වැඩ කොටසක් කළා. සක්වල තුළින් මිලියන 344.2ක් වටිනා බස් දුන්නා. පාසල්වලට තොරතුරු තාක්ෂණ උපකරණ සුහුරු පන්ති කාමර උපකරණ ලක්ෂ 178ක දුන්නා. හුස්ම තුළින් මිලියන 171.9ක බෙහෙත් උපකරණ දුන්නා රෝහල්වලට.

    පහුගිය දවස්වල මම පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය ඇමතිට කිව්වා රජයට අමාරුනම් නැති බෙහෙත් ගේන්න අපිටත් ලිස්ට් එකක් දෙන්න කියලා. අපි ගේන්නම් කියලා. හැබැයි රජයෙන් ඒ ලිස්ට් එක තාම අපිට දුන්නේ නැහැ. නමුත් කොහොම හරි අපි ඒක කරනවා.

    අපි ගාව කයිවාරු නැහැ. වැඩ විතරයි. 2019 කයිවාරුවට මුල් තැන දීලා පඹයෙක් පත් කරන් පඹ ගාලක රට හිර වුණා. ඒ නිසා දැන්වත් රට ගොඩගන්න පුළුවන් ක්‍රියාවෙන් ඔප්පු කළ සැබෑ උත්තරය හදුනා ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version