විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීම සදහා අභියාචනාධිකරණය ගත් තීරණය බල රහිත කර ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.
පසුගියදා විදුලි ගාස්තු සංශෝදනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවත් අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමේ බලතල කප්පාදු කිරීමක් සිදු කර ඇති බවත් මෙම පෙත්සමෙන් ඉදිරිපත් කර තිබේ . මෙහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම , ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර ඇති බව සදහන් .














































