English
සිංහල
23:15 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දූෂිත පක්ෂ මේ රටේ සංවර්ධනය බාලගිරි දෝෂයක් කරලා – ඉරාන් වික්‍රමරත්න

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සුනාමියෙන් පසුවත්, යුද්ධයෙන් පසුවත්, පාස්කු ප්‍රහාරයෙන් පසුවත් රට සංවර්ධනය කරනවා යැයි කියා බලය ලබාගත් පක්ෂ මේ රට වර්තමානය වන විට බංකොලොත් කර ඇති බව අද (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

    ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා,

    වසර කිහිපයක අතීතය දිහා බලන විට අපේ රටට විශාල සුනාමියක් ආවා එම අවස්ථාවේ ආධාර ඉල්ලලා අපේ රට හදන්න යන බව කියලා ඡන්ද ලබා ගත්තා නමුත් රට ගලවා ගන්න බැරි වුණ. ඉන් පසු යුද්ධය තිබුණා එය අවසන් කරපු අවස්ථාවේදී කිව්වා අපට දැන් හොඳම අවස්ථාව රට හදන්න අපි රට හදන්න යනවා අලුත් වැඩක් කරනවා කිව්වා. ඊට පස්සෙ කාලයක් ගිහිල්ලා අප්පච්චිගේ පක්ෂය පත්වුණා එහිදී කිව්වා අපිට ජනවරමක් තියෙනවා අපි රට හදන්න යනවා කියලා. ඒ විදියට කියාගෙන ගිහින් අද ඒ පක්ෂයට ගමට බැහැලා රැස්වීමක් වත් තියන්න බැරි තත්ත්වයට පත්වෙලා .අද රට බංකොලොත් වෙලා තියෙන්නේ නැවතත් කියන්න පුළුවන් මේකත් අවස්ථාවක් අපි රට හදන්න යනවා කියලා.

    ඇත්තටම අපි බලන්න ඕන මොකක්ද මේ රට හදන්න යනවනම් මොකක්ද රාමුව කියලා එහිදී කවුද හදන පුද්ගලයෝ ඇත්තටම මොනවද හදන්න යන්නේ කියලා බලන්න ඕන. ලංකාවේ තියෙන විශාලම ගැටලුව පුද්ගලයන් විශ්වාස කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය.අලුත් මුහුණු ආවම මේ අය විශ්වාස කරන්න පුළුවන් කියලා හිතෙනවා හැබැයි කිසිම අත්දැකීමක් නැහැ කිසිම දෙයක් ඔප්පු කර නැහැ ඉබේට මතයක් හදනවා මේ අයට කරන්න පුලුවන් කියලා ඇත්තටම එහෙම හදන්න පුලුවන්ද?.

    අද රට අවාසනාවන්ත තැනකට තල්ලු වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන වචනයක් කියන්න ඕන ඔවුන් එක්ක ගිවිසුමක් ඕන වෙනවා අවබෝධතා වයක් විදිහට .එය අපි කියන්නේ අවුරුදු ගණනාවකට කලින් නමුත් ඒක මගහැරියා එම නිසා තමයි දැන් රට වැටිල තියෙන්නේ දැන් සාකච්ඡා යනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ඉන්පසු එය පාලක මණ්ඩලය අනුමත කර ගන්නවා ඒ ගැන අපේ කිසිම ගැටළුවක් නැහැ අපි දිගටම කියලා තියෙන්නේ මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා තියෙන්න ඕන කියලා. එය ලැබෙන ඩොලර් බිලියන 2.9ට නෙමෙයි එම ගිවිසුමකට ආවොත් වෙළඳපොළට පණිවිඩයක් යනවා අපි මූල්‍ය විනයක් ඇතුව වැඩ කරගෙන යනවා කියලා. ඒකයි වැදගත්කම හැබැයි. අපිට ඒකට තියෙන ප්‍රශ්නය ගිවිසුම ගහන එක නෙමෙයි එහි තිබෙන අවබෝධතා නිලධාරි මට්ටමේ ගිවිසුමේ කරුණු හෙළිදරව් කර නැති එක. විනිවිදභාවයක් තියෙන්න ඕන. එහිදී ඒ කරුණු ගැන අපිට එකඟ වෙන්න පුළුවන් කරුණු ගැන සාකච්ඡා හරහා තමයි දියුණු කරගන්න ඕන.එය රටට වාසි වෙන විදියට. හැබැයි එවැනි ගිවිසුමකට එන්න කලින් රජයට කරන්න කරුණු කිහිපයක් තියෙනව ඉන් එකක් තමයි බදු වැඩි කිරීමයි ආදායම වැඩි කිරීමයි අනිවාර්යෙන් ආදායම වැඩි කරන්න ඕන. අපි 2015 රට භාර දෙන කොටත් මුළු ආදායම දළ දේශීය නිෂ්පාදනය 10% යි .2019 දී අපි රට භාර දෙන කොට 13% කට කිට්ටු කරලා තමයි බාර දුන්නේ .මූලධර්මයක් හැටියට අනිවාර්යෙන්ම රටේ ආදායම ඉහළ යන්න ඕන නැත්තන් අපේ අධ්‍යාපන ක්‍රමය සෞඛ්‍යය ක්‍රමය ආරක්ෂා කරන්න බැහැ.ඒ අතර තියෙන ඝට්ටනය ආදායම කාගෙන්ද ගන්නේ සහ ගන්නා ක්‍රමවේදය මොකක්ද ගතයුතු ප්‍රමානය කීයද සහ ගත යුතු ප්‍රතිශතය කුමක්ද කියලා තමයි අපි වාද විවාද කරන්න ඕන.මූලධර්මය ගැන අපේ වාද විවාදයක් නැහැ රටේ ආදායම ඉහළට යා යුතුමයි අනිත් මූලධර්මය රටේ හැමෝටම එක හා සමානව සලකන්න ඕන බදු ගහනවා නම් ඔක්කොටම එක හා සමාන වෙන්න ඕන.

    අද වැඩ වර්ජනයක් තියෙනවා මිනිස්සුන්ව පාරට තල්ලු වෙලා තියෙන්නේ .එම වැඩ වර්ජනය කරන්නේ ඒ අයගේ ආදායමෙන් බදු අය කිරීම පිළිබඳව මූලධර්මයක් හැටියට. බදු අය කර යුතුයි නමුත් කාගෙන්ද ගන්නේ ,කොච්චරක්ද ගන්නේ, කියන ප්‍රශ්නය තමයි අද තියෙන්නේ .අපි මුල ඉඳලම තර්ක කළා මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ බඩු මිළ අධික ලෙස ඉහළ යෑම ගැන. ආහාර උද්ධමනය සියයට සීයක් විතර ගියා. සාමාන්‍ය උද්ධමනය 70%කට තිබුණා දැන් පහල ඇවිත් තියෙන්නේ නමුත් එදා ගන්න පුළුවන් බඩු ප්‍රමාණය ඒ මුදලට අද ගන්න බෑ මුදල ලක්ෂයක් වුණාට එහි වටිනාකම අර්ධයක් වෙලා තියෙන්නේ ඒ නිසා තමයි අපි තර්ක කළේ Tax fee slab එක ලක්ෂ දෙකක් නම් හොඳයි කියලා. මොකද මිනිස්සුන්ට පීඩනය වැඩියි .ඇත්තටම අහන්නේ ලක්ෂයක් කියන්නේ අද ධනපති පඩියක් නෙමෙයි. එය වියදම් කරන්නේ කොහොමද දරුවාගේ අධ්‍යාපනයට කීයද, ප්‍රවාහනයට කීයද, දුරකථන ගාස්තු විදුලි බිල ජල බිල කීයක් වියදම් ද, මෙතන තියෙන්නේ ලක්ෂයේ පඩිය නෙමෙයි මිනිස්සුන්ව තල්ලු කරලා තියෙනවා ගෙවාගන්න බැරි තැනට. යැපෙන සමාජයක් නැති කරන වැඩපිළිවෙළක් මේක .ඒ අය ආරක්ෂා කළ යුතුයි. එම නිසා තමයි අපි කියන්නේ text එක වැඩියි මිනිස්සුන්ව පාරට තල්ලු කරන්න එපා කියලා.රජය මෙය සාකච්ඡා සාධාරණව විසඳන්න ඕන. මිනිස්සුන්ව බිත්තියට තල්ලු කරන්න එපා .අමාරුවෙන් හම්බකරගෙන වැඩක් කරගෙන යන මිනිස්සු ඒ මිනිස්සු අපි ආරක්ෂා කරන්න ඕන.

    වැඩ වර්ජන වලට යනකොට පොලිසියට බැඳෙන කොට පොලිසිය වැඩ වර්ජනයට යන්නේ නැහැ. හමුදාවට යනකොට හමුදාව වැඩ වර්ජනයට යන්නේ නැහැ .හමුදාව පොලිසිය ඇත්තටම ගෞරවාන්විත සේවාවක්. හමුදාවට තියෙන ගෞරවය එන්නේ ඒ අය රැකියාව ගන්න යනකොට ජීවිත පරිත්‍යාග කරන්න වෙයි ඒකයි තියෙන ගෞරවය. මම විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාවන් වල ඉන්න අයට කියන්නේ ඔබලා අත්‍යවශ්‍යයි. ජීවිතයත් මරණයත් අතර තියෙන ප්‍රශ්නයක් හමුදාව වගේමයි .මම හිතන්නේ අනාගතයේදී මේ සේවාවට බැදෙන කොටත් හමුදවට පොලිසියට දැනෙනකොට වගේම වෙන්න ඕන. මේ සේවාවත් ජීවිතයයි මරණයයි තේරුම් අරගෙන ඒ සේවාවට බැඳෙන්න .සෞඛ්‍ය සේවය අය ඊයේ මා සමග සාකච්ඡා කළා එහි දී කිව්වා හදිසි වාට්ටුව ක්‍රියාත්මක කරනවා කියලා වැඩවර්ජනය කරත්. මම හිතනවා ඊටත් එහා යායුතුයි සෞඛ්‍ය සේවය මහජනතාවට කිසිම අපහසුතාවක් නැතුව තමයි මේ දේවල් විසදගන්න ඕන. ඒ නිසා මම කියනවා මෙහි මූලික වගකීම ගන්න ඕන ආණ්ඩුව ඒ අයව ගෙන්නලා සාකච්ඡා කරලා ඒ අයට ඇහුම් කන් දී විසදගන්න ඕන. බදු වල ප්‍රශ්නයක් තියෙනවා ප්‍රතිශතය අඩු කරන එක වැඩි කරන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිතුමා කිව්වා වැඩිකළොත් රාජ්‍ය ආදායම අහිමි වෙනවා කියලා එහිදී මම කිව්වා රුපියල් බි 60ක් නිළධාරීන් කියපු ගණන ඒක ඊටත් වැඩිය අඩුයි. හැබැයි ඒක ලබාගන්න පුළුවන් මොකද උදාහරණයක් විදිහට දුම්කොළ බද්ද මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කලොත් අනිවාර්යයෙන්ම මිලියන හතළිහක් පනහක් ලබාගන්න පුලුවන් තවත් හුඟක් දේවල් කරන්න පුළුවන් එහිදී ආදායම ලබාගන්න පුළුවන් අපි මේ කියන්නේ හිස් අදහස් නෙමෙයි කාගෙන්ද ගන්නේ කීයද ගන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ විසඳගන්න ක්‍රමවේද තියෙනවා මිනිස්සුන්ව පාරට තල්ලු කරන්න එපා එය අපි සාකච්ඡාවෙන් විසදගන්න ඕන.

    එක එක සමාජ කොට්ඨාස වලට මුදල් දෙන එක හැමදාම වෙන දෙයක් .ඒකට කුමන්ත්‍රණයක් කියලා කියන්නේ නැහැ. බලවත් වාමාංශික පක්ෂත් ඔය අතරේ ඉන්නවා ඒ අයගේ රැස්වීම් වලට ගිහිල්ලා අපේ රැස්වීම් වලට ඇවිත් බලන්න වෙනස. ඒ අයගේ රැස්වීම් සංවිධානය වෙලා තියෙන විදිහ ශබ්ද විකාශන, ටෙන්ට් ,පුටු ,ඒවාට මුදල් ලැබෙන්නේ සාමාජිකයන් ගෙන් ද කියලා හොයලා බැලුවනම් හරි මම හිතන්නේ නැහැ සාමාජිකයන්ගේ කියලා මොකද සාමාජිකයන් ගෙන් එහෙම ලබා ගන්න බැහැ මැතිවරණයට වියදම් කරන්න පනතක් ගෙනත් තියෙනවා ඒ ආකාරයට කටයුතු කරන්න ඕන.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා ගැනීමට බොහෝ රටවල් කැමැත්ත පළ කර තිබෙනවා අපට උදව් කරන්න. එම නිසා ඒවා ඉක්මනින් වෙයි කියලා මම හිතනවා. අපිට තියෙන ප්‍රශ්නය ඒක නෙමෙයි අපි මුල ඉදන්ම කිව්වෙත් එය කළ යුතුයි කියලා නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාරලිමේන්තුව ඇවිත් කතා කරල කිව්වා විපක්ෂයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නෙමෙයි නම් වෙනත් විකල්පයක් කියන්න කියලා .හැබැයි එතුමා ඒක විපක්ෂය අපි දිහා බලාගෙන නෙමෙයි කියන්න ඕන. ඔබතුමාගේ පිටිපස්සේ ඉඳපු කණ්ඩායම දිහා බලාගෙන.

    ජනාධිපති කාර්යාලයෙන් මැතිවරණයට මුදල් නැහැ කියන එක සම්පූර්ණ බොරුවක්. හැමදාම මුදල් එනවා .දල වශයෙන් කිව්වොත් රේගුවේ ආදායමෙන් දවස් තුනක මුදල් .රටේ ආණ්ඩුවට වියදම් කරන මුදල් ප්‍රමාණයෙන් තුනෙන් එකක් තමයි මැතිවරණයට ඕන .සල්ලි නැහැ කියන එක සම්පූර්ණ විහිළුවක්. එක එක ගැට ගහන්නේ ආණ්ඩුවේ ඉන්න කිසිම කෙනෙකුට ගමට බැහැලා රැස්වීමක් කරන්න බැහැ මිනිස්සු එච්චරට ප්‍රතික්ෂේප කරල තියෙන්නේ ඇත්තටම මැතිවරණ ප්‍රතිඵලය පිළිගන්න බැරි නිසා කුමක් හෝ ක්‍රමවේදයකට මැතිවරණය පස්සට දාන්න හදනවා. මුලින්ම කිව්වා තැන්පතු මුදල් භාර ගන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා නාමයෝජනා බාර ගන්න එපා කියලා .කොමිසමෙන් ඇහුවා ඇයි දින දැම්මෙ කියලා .ඊට පස්සේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇවිත් කිව්වා මොන මැතිවරණයද මැතිවරණයක් නැහැ කියලා. එතුමා පක්ෂයක නායකයා එතුමාගේ පක්ෂයෙන් රටේම නාමයෝජනා බාර දීලා නමුත් එතුමා ඇවිත් කියනවා දන්නේ නැහැ කියලා ඒක තනිකර විහිළුවක් .ඉන්පසු සල්ලි නැති කතාවක් ගෙනාවා. ඇත්තටම මේ හිර කරන්නේ එහි නිලධාරීන් අධිකරනයෙන් තීරණය දීලා තියෙනවා මැතිවරණ කළ යුතුයි කියලා. නමුත් කළමණාකරණය ගැටයක් ගහලා කියනවා සල්ලි නැහැ කියලා හැබැයි අධිකරණ තීරණයට ප්‍රමුඛත්වය දෙන්න ඕන.

    දැන් තවත් ගැටයක් ගහලා තියෙනවා දොළවත්ත මන්ත්‍රීතුමාට කවුරු හෝ කුරුටු ගාලා කොළ කෑල්ලක් දීලා කියවන්න කියලා හැබැයි භයානක දෙයක් කිව්වේ. වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා කියලා කොහොමද අධිකරණය කියන්නේ මුදල් දිය යුතුයි කියලා මේක පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් කිව්වා නමුත් එතුමාට වැරදුනා හැබැයි ලියපු කෙනාටත් වැරදුනා අධිකරණය කිව්වේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරපු එක දෙන්න කියලා. එය පාර්ලිමේන්තුව ශක්තිමත් කරන දෙයක්. විධායකය ශක්තිමත් කරන දෙයක් නෙමෙයි. මෙහිදී මූලික ප්‍රශ්නය ඇති වෙන්නේ නිලධාරීන්ට අද රටේ ජනාධිපතිතුමා මුදල් ඇමති ඒ නිසා ජනාධිපතිතුමාට ආවරණයක් තියෙනවා නිලධාරීන්ට හැංගිලා ඉන්න බැහැ දොලවත්ත මැතිතුමා හදන්නේ අධිකරණයයි පාර්ලිමේන්තුවයි අතර ගැටුමක් ඇති කරන්න. එය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට යන දෙයක්.

    දැන් රටේ ඩොලර් ප්‍රමාණයක් එකතු වෙනවා ඒක හොඳද නරකද කියන එක වෙන එකක්. ඩොලර් එකතු වෙනවා නම් අපනයනය වැඩි වෙලා නම් හුඟක් හොඳයි නමුත් අපේ ඩොලර් එකතු වෙලා තියෙන්නේ ආනයනය සීමා කරලා තියෙන වෙලාවක ඒක එච්චර හොඳ නැහැ ඔය වෙනස අපි තේරුම් ගන්න ඕන.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන විශාලම ගැටලුව ආර්ථිකය සංකෝචනය කරලා තමයි ඒක කරන්නේ ආර්ථිකය සංකෝචනය වුණාම විරැකියාව වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ආදායම නැතුව යනවා. අපනයනය වැඩි වෙන්නේ නැහැ ලංකාව අන්තිමට මේ ගැටළුවෙන් ගලවගන්න අයවැය පරතරය විතරක් බලන්න බැහැ අපිට උද්ධමනය අඩු කරන්න පොලී ප්‍රතිශතය අඩු කරන්න බැහැ අපි ඇත්තටම මේ ගැලවෙන්න නම් ආර්ථිකය වර්ධනය වෙන්න ඕන අපනයනය ඉහළට යන්න ඕන එහෙම වුනොත් තමයි මේකෙන් එළියට එන්න පුළුවන් අපේ ජීවන තත්ත්වය තියාගෙන ඒකට වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවෙන් ඉදිරිපත් වෙලා නැහැ පසුගිය දවස්වල සංචාරක ඇමතිලා එහෙ මෙහෙ ගිහින් උත්සාහ කරනවා සංචාරකයෝ වැඩි කරගන්න නමුත් ඒක පහසු දෙයක් නෙමෙයි.

    අප්‍රේල් 25 ඡන්දයක් තියෙනවද කියන එක මට කියන්න බැහැ. හැබැයි සමගි ජන බලවේගයේ අපි මැතිවරණ කොමිසම නියම කරල තියෙන දිනයට වැඩ කරන්න අපේ ඡන්ද ව්‍යාපාරය ඉදිරියටම අරගෙන යනවා. ඡන්දයක් තියෙනවද නැද්ද කියල තීරණය කරන්න ඕන රටේ විධායකය නෙමෙයි. ජෝ බයිඩින් ට බැහැ ඇමරිකාවේ ජනාධිපතිවරණයේ දින පස්සට දාන්න .බ්‍රිතාන්‍ය අගමැතිට බැහැ මහ මැතිවරණයේ දින පස්සට දාන්න කලට වෙලාවට ඒක කරන්න ඕන .ඒවා විධායකයට තීරණය කරන්න බැහැ ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන්නේ නීත්‍යානුකූල ව්‍යවස්තාවෙන් මැතිවරණ කොමසාරිස් තමයි ඒ සඳහා පත් කරලා තියෙන්නේ ස්වාධීනව මැතිවරණ සඳහා දින නියම කරන්න. අපිට මැතිවරණ කොමසාරිස් 25ට දින දීලා තියෙනවා අපි එයට ලෑස්ති ඒ වගේම මැතිවරණ කොමසාරිස් වරයාට සෑම රාජ්‍ය ආයතනයක්ම සහයෝගය ලබාදිය යුතුයි. අද වැරදි දේ කරන්න එපා එහෙම උනොත් හෙට ඒකට දඬුවම් විදින්න වෙනවා.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version