ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර හතරක් රදවා ගෙන සිටි සහරාන් හෂීම්ගේ බිරිද කල්මුණේ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇයව රුපියල් 25 , 000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ විසි පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට නියෝග කළ බව වාර්තා වේ.
එමෙන්ම ඇපකරුවන්ට සහ සහරාන්ගේ බිරිදට විදේශගත වීම තහනම් කර ඇති බව කියයි.














































